ඉන්දියාවේ ලක්නව්හි සුල්තාන්පුර්හි  ප්‍රසිද්ධියේ පැවැත්වෙමින් තිබූ දේශපාලන වාද පිටියක වේදිකාව මතට තම සිරුරට පෙට්‍රල් තවරාගෙන පැනගත් පුද්ගලයෙකු විවාදයේ යෙදී සිටි දේශපාලඥයෙකුද බදාගෙන සිරුරට ගිනි තබාගත්තේය.

රැස්ව සිටියෝ වහා  දෙදෙනා දෙපසට කිරීමට උත්සාහ කළහ.නමුත් දෙදෙනාම වසාගෙන බුර බුරා ඇවිලෙන්නට පටන් ගත් හෙයින් එය අපහසු විය.

අවසානයේ ගින්න නිවා දෙදෙනාම රෝහල් ගත කරනු ලැබූහ.දෙදෙනාම පිළිස්සුම් තුවාල නිසා බරපතල තත්ත්වයේ පසුවන බව රෝහල් ආරංචි මාර්ග සදහන් කරයි.

මේ දිනවල ඉන්දියාවේ පැවැත්වන පාර්ලිමෙන්තු මැතිවරණය අරබයා මෙවන් දේශපාලන විවාද පිටි ප්‍රසිද්ධියේ පැවැත්වීම සිදුවේ.ඒවා ඉන්දියා රූපවාහිනී නාලිකා වලින් පටිගත කර පසුව විකාශනයද කරයි.

වේදිකාව මතට පැනගත් පුද්ගලයා හදුනාගැනීමට පොලිසිය සමත්ව තිඛෙන අතර ඔහු ගිනිතබා ගැනීමට හේතුව අනාවරණය කර ගැනීමට තවමත් හැකිව නොමැත.