IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


චාවේස් මියගියේ කියුබාවේදී: විපක්ෂ කි‍්‍රයාකාරීහු පවසති

චාවේස් මියගියේ වෙනිසියුලාවේ දී නොව, කියුබාවේ හවානා නුවරදී පිළිකා සැත්කමට භාජන වූ අවස්ථාවේ දී යැයි වෙනිසියුලානු විපක්ෂ දේශපාලන කි‍්‍රයාකාරීහු පවසති.
සැත්කමින් පසු පෙනහලු ආසාදනයකට ලක්වී චාවේස් මියගියේ කියුබාවේදී බවත් ඉකුත් 18 වැනිදා ඔහු වෙනිසියුලාවට ගෙනා බව රජය පවසද්දී පවා ඔහු මියගොස් සිටි බවත් රජයේ විශ්වාස කටයුතු ආරංචි මාර්ග ඔස්සේ තමන්ට දැනගැනීමට හැකිවිණැයි විපක්ෂ දේශපාලන කි‍්‍රයාකාරීහු පවසති.
උප ජනපතිව සිටි මදුරෝට බලය පවරා දී, කියුබාවේ හවානා නුවරට ගිය චාවේස් සිව් වැනි වරට පිළිකා සැත්කමට භාජන විය. වෛද්‍යවරුන් පැවැසූ ආකාරයටම සැත්කම ඉතා අවදානම් එකක් විය. සැත්කමින් පසු චාවේස් පෙනහලූ ආසාදනයකට ද ලක් වී ස්වසන අපහසුතාවකින් පෙළුණේය. එම අවස්ථාවේදී ඔහු ස්වසන යන්ත‍්‍රයකට සම්බන්ධ කෙරුණි. ඉන්පසු චාවේස්ට කතා කිරීමට නොහැකි වූ අතර, ඔහු ආහාර ගත්තේත් හුස්ම ගත්තේත් බටයක ආධාරයෙනි.
නව ධුර කාලය සඳහා චාවේස් දිවුරුම් දීමට නියමිතව සිටියේ ඉකුත් ජනවාරි 10 වැනිදාය. රෝහල් ගත ව සිටි නිසා ඒ අවස්ථාව ඔහුට මඟ හැරුණි.
වෙනිසියුලාවට පැමිණි පසු චාවේස් හමුදා රෝහලකට ඇතුළත් කෙරුණි. සම්පූර්ණ සුවය ලැබීමට නම් වෙනිසියුලානු නායකයාට තව සති කිහිපයක් රෝහල් ගතව සිටීමට සිදුවේ යැයි වෛද්‍යවරුන් පැවැසූ බව වෙනිසියුලා උප ජනාධිපති මදුරෝ එම අවස්ථාවේදී කියා සිටියේය.
වෙනිසියුලාවේ අසල්වැසියකු වන බොලිවියාවේ ජනාධිපති ඊවෝ මොරාලේස්, ඉකුත් පෙබරවාරි 23 වැනිදා චාවේස්ගේ සුවදුක් බැලීමට වෙනිසියුලාවට ගියේය. එහෙත් ඔහුට චාවේස් හමුවීමට යෑමට පවා  වෙනිසියුලා බලධාරීහු අවසර නොදුන්හ.



අදහස් (0)

චාවේස් මියගියේ කියුබාවේදී: විපක්ෂ කි‍්‍රයාකාරීහු පවසති

අමිල Friday, 08 March 2013 09:38 PM

විපක්ෂයට මාතෘකාවක්... (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 58 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 722 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 343 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site