ඛේදජනක අවසානයක් ළඟාවූ යුක්රේනයේ චර්නොබිල් භූමිය අද දිනය සතුන්ට අභය භූමියක් බවට පත්ව තිබේ.

පර්යේෂකයන් භූමියේ තැන්තැන්හි අටවා තිබෙන කැමරාවලට වෘකයින් නරියන් හා හාවුන් වැනි සතුන් හසුවන අතර මෑතකදී වළසෙකු ද හසුවිය.එම වළසා වසර 100 කට පමණ පසු චර්නොබිල් භූමියෙන් දැකගත හැකිවූ පළමු වළසා බව පැවසේ.

විකිරණශීලී පරිසර තත්ත්වයන් මිනිසාට හා සතුන්ට කෙසේ බලපාන්නේදැයි සොයාගැනීමට මෙම සතුන් නිරීක්ෂණය කිරීමෙන් ලබාගන්නා දත්ත යොදාගැනීමට පර්යේෂකයින් කටයුතු කරමින් සිටී. පෙනෙනා ලෙසට නම් සතුන් පරිසරයට හොඳින් අනුගත වෙමින් සිටින බව ඔවුහු පවසති.

චර්නොබිල් න්‍යෂ්ඨික බලාගාරෙයේ සේවය කළෝ තමන්ගේ පවුලේ උදවිය හා පදිංචිව සිටියේද එය ආසන්නයේ ඉදිකෙරුණු නිවාස වලය.චර්නොබිල් යනු න්‍යෂ්ඨික බලාගාරයක් වටා පිහිටුවා තිබූ ජනාවාසක් වුනි.

1986 වසරේදී න්‍යෂ්ඨික බලාගාරයේ වූ පිපිරීමෙන් ප‍්‍රදේශය මත තැන්පත් වූ විකිරණශීලී පතනය නිසා චර්නොබිල් මිනිස් වාසයට නුසුදුසු යැයි වර්ග කෙරුණි. ලක්ෂයක පමණ දෙනා වෙනත් ස්ථානයන්හි පදිංචි කරවුනු අතර ලක්ෂ 5 ක පමණ සහන සේවකයෝ හා ඉංජිනේරුවෝ විකිරණශීලී ද්‍රව්‍ය ලොව පුරා පැතිර යෑමට ඉඩ නොදී ඒවා චර්නොබිල් භූමියේම රැඳවීමට පියවර ගත්හ. මේ කටයුතු සදහා වැයව තිබෙන වියදම පවුම් ලක්ෂ 180 ක් පමණ වන බව සඳහන්ය.

වසර ගණනාවක් ගතව ඇතත් චර්නොබිල් තවමත් මිනිස් වාසයට සුදුසු නැත. පරිසරයේ විකිරණශීලී ස්වභාවය තවමත් ඉහළය.

මිනිසා එවන් විකිරණශීලී පරිසරයකට නිරාවරණය වුවහොත් පිළිකා,වද භාවය,අංගවිකල දරුවන් වැනි නොයෙකුත් සංකූලතා වලින් පෙළෙනු ඇති බව විශේෂඥයෝ පවසති.

නමුත් චර්නොබිල් භූමියේ සරනා සතුන්ට එවැනි තර්ජනයක් නොමැති බව පෙනෙන්නට ඇත.මිනිස් පහසක් නොමැති තැන අන් කිසිදු ආකාරයක අන්තරායක් තිබුණත් තමන්ට ගණනක් නැතැයි සිතා ඔවුන් හැසිරෙන සෙයක් පෙනේ.

මේ විපර්යාසය සම්බන්ධයෙන් පර්යේෂණ කටයුතු කිරීම පර්යේෂකයින්ගේ අරමුණයි.

12C8A9CE000005DC-0--8_1417426847686 23A0604E00000578-0-image-6_1417426209438 23A0607A00000578-0-image-4_1417426190611