චීන හමුදාව සුවිශේෂී බලකායක් බවට පත්විය යුතු යැයි චීන ජනාධිපති ෂී ජින්පින්ග් අද (30) ප්‍රකාශ කළේය.
චීන නිදහස් හමුදාව ආරම්භ කර වසර 90ක් පිරීම නිමිත්තෙන් පැවැති හමුදා ආචාර පෙළපාලිය අමතමින් ෂී ජින්පින්ග් ජනාධිපතිවරයා ඒ බව ප්‍රකාශ කළේය.
හමුදා පෙළපාලියට නව තාක්ෂණයෙන් යුතු ජෙට් යානා ඇතුළු නවීන අංගෝපාංග එක් කර තිබූ අතර චීන හමුදාවේ යුද ශක්තිය පිළිඹිඹු කරමින් දැවැන්ත ආචාර පෙළපාලියක් පැවැත්වීමට චීනය කටයුතු කර තිබිණි.
චීන හමුදාව ලොව විශාලතම හමුදාව වන අතර මේ වනවිට චීන හමුදාව තුළ නවීකරණය කිරීමේ ක්‍රියාවලියක් සිදුවෙමින් පවතියි. ඒ සඳහා චීන ආණ්ඩුව අතිවිශාල ආයෝජනයක් කර තිබෙන අතර නව තාක්ෂණය, නවීන අංග උපාංග සහ රේඩාර් පද්ධතිවලට හසු නොවන අයුරින් ගමන් කළ හැකි ගුවන් යානා නිර්මාණය කිරීම ද එම වැඩසටහනට ඇතුළත්ය.
උතුරු චීනයේ මොංගෝලියා කලාපයට ආසන්නයේ පිහිටි ෂූරිචේ හිදි මෙම දැවැන්ත හමුදා ආචාර පෙළපාලිය පැවැත්වුණු අතර චීන ජනාධිපතිවරයා ජීප් රථයක නැගී ආචාර පෙළපාලිය නිරීක්ෂණය කිරීමේද යෙදුණේය.
ජිප් රථයේ නැගී ආචාර පෙළපාලිය නිරීක්ෂණයේ යෙදෙන අතරවාරයේදී චීන ජනාධිපතිවරයා “සහෝදරවරුන්, සහෝදරවරුන්, ඔබ වෙහෙස වී සේවය කරනවා” යනුවෙන් කී බව ද වාර්තා විය.
තවදුරටත් හමුදාව අමතමින්, “ජනතාව වෙනුවෙන් සේවය කරන්න, පක්ෂය අනුගමනය කරන්න, ජයග්‍රහණය සඳහා සටන් වදින්න සහ ආදර්ශමත්ව හැසිරෙන්න” යනුවෙන් හඬ නගමින් කී බව ද වාර්තා විය.
ආචාර පෙළපාලියට න්‍යෂ්ටික අවි ශීර්ෂ සහිත මිසයිල රැගත් රථ ද එක් කර තිබූ බව වාර්තා විය. ආචාර පෙළපාලිය අතවාරයේදී නව තාක්ෂණයෙන් යුතු ප්‍රහාරක ජෙට් යානාවල සංදර්ශනයක් තිබූ බව ද වාර්තා විය.
(රොයිටර්- 055)







2025 දෙසැම්බර් මස 04
558
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
492
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
421
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
‘චීන හමුදාව සුවිශේෂී බලකායක් විය යුතුයි‘-චීන ජනපති
menna Sunday, 30 July 2017 01:21 PM
චීනයට ජනපති කෙනක් ඉන්නවද?