චීනයේ බීජිං නුවර වනජීවී උද්‍යානයක දී සයිබීරියානු කොටියන් විසින් කාන්තාවක මරා තවත් කතකට තුවාල සිදුකරනු ලැබ ඇතැයි විදෙස් වාර්තා පවසයි.
උද්‍යානයේ සංචාරයට පැමිණි තවත් කාන්තාව සිය මෝටර් රථයෙන් බැසගත් අවස්ථාවේ කොටියකු ඇයවෙත කඩා පැන ඇතැයි ද එයින් ඇය තුවාල ලබා ඇතැයි ද කියති. ඇයට උදව් කිරීමට මෝටර් රියෙන් බැසගත් අනෙක් කාන්තාවට තවත් කොටියකුගේ ප්‍රහාරයට ලක්වීමට සිදුව ඇති අතර එයින් ඇය මියගොස් ඇත.
උද්‍යාන බලධාරීන් ප්‍රකාශ කළේ සංචාරකයන්ට තම පෞද්ගලික රථවලින් උද්‍යානය වටා ගමන් කිරීමට අවසර දී ඇති නමුත් වාහනවලින් එළියට බැසීම තහනම් කර ඇති බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එළිමහන් උද්‍යානයේ වාහන වලින් බහින්න එපා කියන්න ඇත්තේ කට කහනවට වෙන්න ඇති.(හේ)