ඓතිහාසික සංචාරයක් ආරම්භ කරමින් චීන ජනාධිපති ෂී ජින්පින්ග් මහතා අද (20) උතුරු කොරියාවට පැමිණියේය.
උතුරු කොරියාවේ එකම මිත්‍ර රට වන්නේ චීනයයි. චීනය සහ උතුරු කොරියාව අතර පසුගිය කාලයේදී යම් යම් මතභේදාත්මක සිදුවීම් ඇතිවිය. ගෙවී ගිය කාලයේදී චීනය සහ උතුරු කොරියාව අතර පවතින මිතුරු සම්බන්ධයේ ඇති වූ ආරවුල් නිරාකරණය කරගනිමින් දෙරට අතර මිත්‍රත්වය ශක්තිමත් කරගැනීම චීන ජනාධිපතිවරයාගේ මෙම සංචාරයේ ප්‍රධාන අරමුණ වී ඇතැයි විශ්ලේෂකයෝ පෙන්වාදෙති.
වසර 14කට පසු උතුරු කොරියාවේ සංචාරයක නිරත වන පළමු චීන ජනාධිපතිවරයා වන්නේ ද ෂී ජින්පින්ග් මහතාය.
සීත යුද සමයේදී මිත්‍ර පාර්ශව වූ චීනය සහ උතුරු කොරියාව අතර සබඳතා පසුගිය සමයේදී පළුදු විය. උතුරු කොරියාවේ හිතුවක්කාර න්‍යෂ්ටික සහ මිසයිල අත්දහා බැලීම් ඊට ප්‍රධාන වශයෙන් හේතු විය. ඒ හේතුවෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය උතුරු කොරියාවට සම්බාධක පැන වූ අතර චීනය ද ඊට සහාය දැක්වීය.
චීන ජනාධිපතිවරයා මෙලෙස උතුරු කොරියාවේ සංචාරයක නිරත වන්නේ ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා හමුවීමට සතියක් තිබියදීය. ලබන සතියේදී ජී20 රටවල හමුව පැවැත්වීමට නියමිත අතර ඇමෙරිකානු සහ චීන ජනාධිපතිවරුන් එහිදි හමු වී සාකච්ඡා පැවැත්වීමට නියමිත බව පැවසේ.
උතුරු කොරියානු නායකයා අවස්ථා දෙකකදී ඇමෙරිකානු ජනාධිපති ට්‍රම්ප් මහතා හමු වී සාකච්ඡා පැවැත්වීය. උතුරු කොරියාව ද ඇතුළුව කොරියානු අර්ධද්වීපය න්‍යෂ්ටික අවිවලින් තොර කලාපයක් බවට පත් කිරීම එම සාකච්ඡාවල අරමුණ වුවද මෙතෙක් එම සාකච්ඡාවලින් ප්‍රගතියක් ඇති වී නැතැයි බොහෝ දෙනාගේ අදහස වී තිබේ.
උතුරු කොරියාවේ තරුණ නායක කිම් ජොන් උන්ග් මහතා පසුගිය වසරේදී අවස්ථා හතකරදී චීනයට සංචාරය කරමින් චීන ජනාධිපතිවරයා මුණ ගැසුණි. ඉන් අනතුරුව උතුරු කොරියාවට පනවා තිබෙන සම්බාධක ලිහිල් කරන්නැයි චීනය එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් ඉල්ලීම් කර තිබිණි.
චීන ජනාධිපතිවරයා උතුරු කොරියානු නායකයා මුණ ගැසීමට කලක් බලා සිටි බවත් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා සහ නායක කිම් අතර න්‍යෂ්ටික අවි සම්බන්ධයෙන් පැවැති සාකච්ඡා ඊට ප්‍රධාන වශයෙන් හේතු වූ බව විශ්ලේෂකයන්ගේ අදහස වී තිබේ.
චීන ජනාධිපතිවරයා දින දෙකක් උතුරු කොරියාවේ රැඳී සිටීමට නියමිතය. චීන ජනාධිපතිවරයා සංචාරය වෙනුවෙන් උතුරු කොරියාවේ ප්යොන්ග්යැන්ග් නුවර චීන ජාතික ධජවලින් සරසා තිබූ බවත් එරට වැසියන් චීන ජනාධිපතිවරයා පිළිගැනීම සඳහා වීදිවල පෙළ ගැසී සිටි බවත් වාර්තා විය.
චීන ජනාධිපතිවරයාගේ මෙම නිල සංචාරයට ඔහුගේ බිරිඳ පෙන්ග් ලියුවාන් මහත්මිය, විදේශ අමාත්‍ය වැන්ග් යී මහතා සහ තවත නියෝජිත පිරිසක් එක්ව සිටිති.
ඒ.එෆ්.පී. ඇසුරිනි
055

(උතුරු කොරියානු නායක කිම් ජොන් උන්ග් පසුගිය වසරේ චීනයේ සංචාරය කළ අවස්ථාවේදී ගත් ඡායාරූපයකි)

2025 නොවැම්බර් මස 17
53
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
884
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2515
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
චීන ජනපති උතුරු කොරියාවේ සංචාරයක