අල්ලස් ගැනීමේ චෝදනාවකට වරදකරු වූ චීන කොමියුනිස්ට් පක්ෂයේ නිලධාරියකුට ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම වී තිබේ. 

මෙලෙස ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම වී ඇත්තේ එක් අවස්ථාවකදී ජනාධිපති ෂී ජින්පින්ගෙන් පසු ජනාධිපතිධුරයට පත්වනු ඇතැයි පැවැසුණු සෙන් සෙන්ග්කායිය. 
 
චීන ජනාධිපතිවරයා දූෂණ මැඬලීමේ අරමුණින් වෙනම ඒකකයක් ස්ථාපිත කර තිබේ. එහි ප්‍රධානිය වශයෙන් කටයුතු කරන්නේ ද ඔහුය.  

සෙන් සෙන්ග්කායි චීන කොමියුනිස්ට් පක්ෂයේ ජ්‍යෙෂ්ඨයෙකි. එමෙන්ම ඔහු චීනයේ නිරිත දිග මහ නගරයේ වන චොන්ග්කින්ග් හි පක්ෂ ප්‍රධානියාය. ඔහු යුවාන් මිලියන 170කට (එක්සත් ජනපද ඩොලර් මිලියන 26.7කට වැඩි මුදලක්) අල්ලස් ලෙස ගැනීමට වරදකරු වූ බව චීනයේ ටියැන්ජින් අධිකරණය තීන්දුව එම අධිකරණ වෙබ් අඩවිය ඔස්සේ ප්‍රසිද්ධියට පත් කර තිබිණි.  

එක් අවස්ථාවකදී සෙන් සෙන්ග්කායිගේ නම චීන කොමියුනිස්ට් පක්ෂයේ සාමාජිකයන් හත් දෙනකුගෙන් සමන්විත උසස් කමිටුවේ සාමාජිකත්වය ද සඳහා ද යෝජනා වී තිබේ. මෙම කමිටුවේ නායකත්වය දරන්නේ චීන ජනාධිපති ෂී ජින්පින්ග්ය. පාලන කටයුතු ඇතුළු රට සම්බන්ධයෙන් අවසන් තීන්දු තීරණ ගන්නේ මෙම කමිටුවයි. 

චීන කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රතිපත්ති සම්පාදක මණ්ඩලයේ කනිෂ්ඨතම සාමාජිකයකු වන සෙන් සෙන්ග්කායි එක් අවස්ථාවකදී ෂී ජින්පින්ගෙන් පසු ජනාධිපතිධුරයට පත්වනු ඇතැයි ද පැවැසිණි. 
දඬුවම පිළිගන්නා බවත් අභියාචනයක් ඉදිරිපත් නොකරන බවත් තීන්දුව ලබාදීමෙන් අනතුරුව සෙන් සෙන්ග්කායි පැවැසීය. තමන් දැඩි ලෙස කනගාටුවටත් පශ්චාත්තාපයටත් පත්වන බව ද හෙතෙම කීය. 

ඒ.එෆ්.පී

055