IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


චීන අන්ධ නීතිවේදියාට ඇමෙරිකා යන්න වරම්

චීන රජයට එරෙහි මතවාද ඉදිරිපත් කිරීම හේතුවෙන්, රජයේ උදහසට ලක්වූ, අන්ධ නීතිවේදියකු වන චෙන් ගුවන්චෙන්ට සහ ඔහුගේ පවුලේ අයට ඇමෙරිකාවට යෑමට චීන රජයෙන් ගුවන් ගමන් බලපත‍්‍ර හිමි වූ අතර ඔවුහු පෙරේදා (19) ඇමෙරිකාව බලා පිටත්ව ගියහ. චෙන් ගුවන්චෙන් (40) මානව කි‍්‍රයාකාරියකු ද වෙයි. චීන රජය පසුගිය වසර කිහිපයක් තිස්සේ ඔහු නිවාස අඩස්සියට පත් කළේය. එහෙත් ඉකුත් මැයි 7 වැනිදා, ආධාරකරුවන්ගේ උදව් ඇතිව චෙන් ගුවන්චෙන් චීනයේ බීජීං නුවර ඇමෙරිකා තානාපති කාර්යාලයට ගොස් ඇමෙරිකා රජයේ ආරක්ෂාව පැතුවේය. ඔහු ඇමෙරිකාවෙන් ඉල්ලා සිටියේ තමා ඇමෙරිකාවට ගෙන්වා ගන්නා ලෙසය. කෙසේ නමුත් ඇමෙරිකා රජය එය ප‍්‍රතික්ෂේප කළ අතර චෙන් ගුවන්චෙන් යළි චීන බලධාරීන් අතට පත්විය. එම අවස්ථාවේදී ඔහු අත්අඩංගුවට ගත් පොලිස් නිලධාරීන් ඔහුට ඉතා කුරිරු ලෙස පහර දුන් අතර දින කීපයක් රෝහලේ සිටීමට ද ඔහුට සිදුවිය. නිවාස අඩස්සියෙන් පලා යෑමට පළි ගැනීමක් ලෙස චෙන් ගුවන්චෙන්ගේ ඥාති පුත‍්‍රයකුට එරෙහි මිනීමැරුම් චෝදනා ද එල්ල කිරීමට පොලිස් නිලධාරීන් කටයුතු කළ බව වාර්තා විය. චෙන් ගුවන්චෙන් ඔහුගේ බිරිය සහ පුතා පෙරේදා චීනයේ බීජීං නුවර ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ සිට ඇමෙරිකාවේ නිව්යෝක් නුවර බලා පැමිණි බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණත් චීන බලධාරීන් ඒ ගැන කිසිදු ප‍්‍රකාශයක් සිදු කර නොමැත.



අදහස් (0)

චීන අන්ධ නීතිවේදියාට ඇමෙරිකා යන්න වරම්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 22 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 821 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site