චීනයේ හුනාන් හිදී බස් රථයක් හදිසියේ ගිනි ගැනීම හේතුවෙන් අඩු ගණනේ 35 දෙනකුවත් මියගොස් ඇතැයි එරට මාධ්‍ය වාර්තා පවසයි.

අනතුරින් 11 දෙනකු පමණ තුවාල ලබා ඇතැයි කියති.

අධිවේගී මාර්ගයේ තිබූ බැරියරයක ගැටුණු බස් රිය ගිනිගෙන ඇතැයි ද එහි රියදුරු සමග මගීන් 55 දෙනකු පමණ සිට ඇතැයි ද වාර්තාවේ.

මිය ගිය මගීන් අතර ළමයින් දෙදෙනකුද සිටි බව කියති. 

web40b3563ba5c940dc8289cb37375f80e8_18