ගුරු වැටුප් සහ සේවා තත්ත්වයන්ට අදාළ ඉල්ලීම් මුල් කරගනිමින් ඇමෙරිකාවේ චිකාගෝ නුවර ගුරුවරු වැඩවර්ජනයක් ආරම්භ කර ඇතැයි වාර්තා වේ. මෙම වෘත්තිය කි‍්‍රයාමාර්ගය සඳහා චිකාගෝ නුවර ගුරුවරු 25,00ක් පමණ සහභාගී වී ඇති බවත් මේ ඉල්ලීම් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ගුරු සංගම් වෘත්තී සමිති නායකයින් සූදානමින් සිටින බවත් විදෙස් වාර්තා සඳහන් කරයි. වැඩවර්ජනයේ නිරත ගුරුවරු සඳහන් කරන්නේ තමන්ට සියයට 30ක වැටුප් වැඩිවීමක් ලබාදෙන ලෙසයි. මෙම වැඩවර්ජනය හේතුවෙන් චිකාගෝ නුවර සිසුසිසුවියන් 350,000කගේ අධ්‍යයන කටයුතු අඩාලවී ඇතැයිද වාර්තා වේ. චිකාගෝ නගරාධිපති ලෙස කටයුතු කරන්නේ ජනපති ඔබාමාගේ හිතවතකු වන හෙයින් මෙම වෘත්තීය කි‍්‍රයාමාර්ගය ඔහුගේ ජනාධිපතිවරණ ප‍්‍රචාරක ව්‍යාපාරයට යම් කිසි බලපෑමක් ඇති කරනු ඇතැයිද දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති.
1
6 ශ්‍රේණියේ මොඩියුල අවුල: රජයේ බුද්ධි සේවා කුමන්ත්රණකරුවන් ලුහුබඳියි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාව තරම් බයානක නෑ ඒකයි මේ රටවල වෙනස (ස)
අනිවාර්යයෙන්ම මේකේ වෘත්තිය සමිති නායකයා ලංකාවේ කෙනෙක් වෙන්න ඇති. (නි)