ඝානාවේ උතුරු ප්‍රදේශයේ කින්ටම්පෝ නගරයේ බස් රථයක් හා ට්‍රක් රථයක් එකිනෙක ගැටීමෙන් මියගිය සංඛ්‍යාව 71ක් දක්වා ඉහල ගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්ථා කරයි. අනතුරින් 13දෙනකු පමණ තුවාල ලබා ඇත. තක්කාලි පැටවූ ලොරියක බස් රථය ගැටී ඇත.
පනහකට අධික පිරිසක් සිද්ධිය වූ ස්ථානයේම මියගොස් සිටි බව රෝහල් ආරංචි මාර්ග පවසයි.
බස් රථයේ ප්‍රමාණයට වඩා මගීන් පටවා සිටි බවත් එහි තිරිංග නිසිලෙස ක්‍රියා නොකළ බවටත් වාර්ථා වී ඇතැයි එරට පොළීසිය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd