චීනයේ බෙයිජිං බලා යද්දී සතියකට පෙර අතුරුදන් වූ මලයාසියා ගුවන්යානයේ  අබිරහස තව තවත් ව්‍යාකුල තත්වයකට පත්කරවමින් එම ගුවන්යානයෙන් යැයි අනුමාන කළ හැකි  සඥා තවමත් අවට සැරි සරණ චන්ද්‍රිකා වෙත ලැබෙමින් පවතින බව මෙම විපත පිලිබඳ පරීක්ෂනපවත්වන කණ්ඩායම් පවසයි.

මේ ගුවන් යානය සොයා මලයාසියාව, සිංගප්පුරුව, වියට්නාමය, තායිලන්තය, පිලිපීනය, ඉන්දුනිසියව යන රටවල් ඒකාබද්ධ මෙහෙයුමක් අරඹා ඇති අතර තවමත් එය සොයා ගැනීමට නොහැකි වී ඇත. ඒ සඳහා නැව් 35 ක්ද, ගුවන් යානා 40 ක්ද, චන්ද්‍රිකා 10 ක් ද යොදවා ඇත. මෙම දැවැන්ත මෙහෙයුම ක්‍රියාත්මක වන අතර තුර මලයාසියාව පුරාම විවිධ කණ්ඩායම්  ආගමික පුද පුජා සහ යාඥා ආදියෙහි නිරතවෙමින් එම ගුවන්යානයේ ගමන් ගත්  සියලුදෙනාහටම සෙත් පතති.

මෙවැනි එක පිංකමක් ක්වාලාලම්පුර් ක්වාලලාම්පූර් නගරයේ, 'බ්‍රික්ෆීල්ඩ් බෞද්ධ මහා විහාරයේදීද පවත්වනු ලැබිය. ඒ සඳහා මලයාසියා පොලිස් නිලධාරීන් සමඟ බෞද්ධයෝ රැසක් එක් වූහ.