ගුවන් යානයක් පැහැර ගෙන ඇති බවට නියෝජ්‍ය විදේශ අමාත්‍යවරයා කළ ප්‍රකාශය ප්‍රතික්ෂේප කරන බව යුක්රේන රජය ප්‍රකාශ කරයි.
ඇෆ්ගනිස්තානයේ සිර වී සිටින යුක්රේන ජාතිකයන් මුදා ගැනීම සඳහා යැවූ යුක්රේනයට අයත් ගුවන්යානයක් සන්නද්ධ කණ්ඩායමක් විසින් පැහැර ගනු ලැබ ඇතැයි ද යුක්රේනයේ නියෝජ්‍ය විදේශ අමාත්‍ය යෙව්හන් යෙනින් ඉකුත් දිනෙක ප්‍රකාශ කර තිබිණි.
සන්නද්ධ කණ්ඩායම් විසින් පැහැර ගනු ලැබූ එම ගුවන් යානය ඉරානයට ගමන් කර ඇතැයි ද හෙතෙද කීය.
කෙසේ නමුත් ඉරානය එම ප්‍රකාශ ප්‍රතික්ෂේප කළ අතර යුක්රේන ආණ්ඩුව ද පසුව සිය නියෝජ්‍ය විදේශ අමාත්‍යවරයාගේ ප්‍රකාශය ප්‍රතික්ෂේප කළේය.
ඇෆ්ගනිස්තානයේ කාබුල් අගනුවර හමීඩ් කර්සායි ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ දී මෙලෙස ගුවන් යානය පැහැර ගැනීමට ලක්ව ඇතැයි යුක්රේනයේ නියෝජ්‍ය විදේශ අමාත්‍යවරයා කීය.
“ඉකුත් ඉරිදා පිරිසක් අපේ ගුවන් යානය පැහැර ගත්තා. අඟහරුවාදා වෙද්දි ගුවන් යානය අපෙන් හොරකම් කරලා. හඳුනානොගත් කණ්ඩායමක් මේ පැහැර ගැනීම කර තිබෙනවා. ඔවුන් ආයුධ සන්නද්ධ බව දැනගන්නට තිබෙනවා. මේ ගුවන් යානය ඇෆ්ගනිස්තානයේ සිටි යුක්රේන ජාතිකයන් රැගෙන යද්දි පැහැර ගැනීමට ලක්වෙලා” යැයි යුක්රේනයේ නියෝජ්‍ය විදේශ අමාත්‍ය යෙව්ජෙනි යෙනින් උපුටා දක්වමින් ටාස් පුවත් සේවය වාර්තා කර තිබිණි.
කෙසේ නමුත් යුක්රේන නියෝජ්‍ය විදේශ අමාත්‍යවරයාගේ ප්‍රකාශය අපැහැදිලි යැයි විදෙස් පුවත් සේවා කිහිපයක්ම වාර්තා කළේය.
මෙම සිදුවීම වී ඇත්තේ තලේබාන් සංවිධානය කාබුල් නුවරට ඇතුළු වූ අගෝස්තු 15 වැනිදා ද නැතහොත් අගෝස්තු 22 වැනිදා ද යන්න පැහැදිලි නැති බවත් ගුවන් යානය පැහැර ගැනීම සහ එය ගුවන් ගත වීම අතර දින දෙකක හිඩැසක් පවතින්නේ ඇයි ද යන්න ද පැහැදිලි නැති බව ද ගාඩියන් පුවත් සේවය වාර්තා කර තිබිණි.
(ද ගාඩියන් ඇසුරිනි)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd