යේමනයේ උතුරු දිග සාදා පළාතේ හවුති කැරළිකරුවන්ගේ පාලන ප්‍රදේශයට ගුවන් ප්‍රහාර එල්ල වීමෙන් සාමාන්‍ය වැසියන් 29 දෙනෙක් ජීවිතක්ෂයට පත්ව ඇතැයි වාර්තා වේ. 
 
ප්‍රහාරයෙන් විශාල පිරිසක් තුවාල ලබා ඇත. මියගිය අය අතර කාන්තාවන් 15දෙනක් ද සිටින බව පැවසේ. 
 
බෝම්බ ප්‍රහාරය එල්ල වී ඇත්තේ ජනාකීර්ණ වෙළඳපොලකට සහ හෝටලයකට බව බලධාරීහු පවසති. 
 
ප්‍රහාරයෙන් හෝටලය බිමට සමතලා වී ඇති අතර පොළවේ විශාල වලක් සෑදී ඇත. පොලිසිය පවසන්නේ සවුදි ඒකාබද්ධ සංධානය විසින් ගුවන් ප්‍රහාර එල්ල කළ බවයි.
 
(අල්ජසීරා පුවත් ඇසුරිණි - 085)