අනතුරට පත් වූ ගුවන් යානයකින් ඇද වැටුණු නියමුවකු අධිබල විදුලි රැහැණක පැටලි දිවි බේරාගත් පුවතක් ප්‍රංශයෙන් වාර්තා වේ.
බෙල්ජියම් ගුවන් හමුදාවට අයත් F-16 යුද ගුවන් යානයක් ප්‍රංශයේ වයඹ දිග බ්‍රිටැනි පළාතේදී මෙලෙස අනතුරට ලක්වී ඇති අතර නියමුවන් දෙදෙනාගෙන් එක් අයෙකු අධිබල විදුලි රැහැණක් මතට ඇද වැටී තිබේ.
නියමුවා රැඳී ඇත්තේ වෝල්ට් 250000ක අධි වෝල්ටීයතාවයකින් යුත් රැහැණක් මත බවත් ඔහු බේරා ගැනීමට පැය දෙකක පමණ කාලයක් ගතවූ බවත් ප්‍රංශ හදිසි මෙහෙයුම් ඒකකය පවසයි.
අනෙක් නියමුවාද සුළු තුවාල ලබා දිවි බේරාගෙන ඇත.
යානය මීටර් 500 ක් පමණ උසින් පියාසර කරමින් තිබියදී අනතුර සිදුවී ඇතැයි ද එය කඩා වැටෙන විට අසල පිහිටි නිවසකට ද හානි සිදුවී ඇතැයි ද පොලිසිය පවසයි.
බීබීසී ඇසුරිණි - 085

COMMENTS
නව නීති ක්රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.