කියුබාවේ කෙළවරක පිහිටි ඇමෙරිකාවට අයත් ග්වන්තනාමෝ සිර කඳවුරේ රැඳෙවියන් වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරයකු අබිරහස් ලෙස මිය ගොස් ඇතැයි ඇමෙරිකා මාධ්‍ය අනාවරණය කරයි.
මියගොස් ඇත්තේ 38 හැවිරිදි නීතීඥ ඇන්ඩි හාට්ය. එය දිවි නසා ගැනීමක් යැයි බන්ධනාගාර නියාමකවරු පවසති. ඒ ගැන වැඩි දුර පරීක්ෂණ පැවැත්වෙයි.
ඇන්ඩි හාට් ද ග්වන්තනාමෝ සිරකඳවුර පිහිටා ඇති ඇමෙරිකානු නාවික හමුදා කඳවුරේ නවාතැන්ගෙන සිට ඇත. මියයෑමට පෙර ඔහු ලියූ ලිපියක් තමාට හමුවූ බව බන්ධනාගාර නියාමකවරු වැඩි දුරටත් කියා සිටිති.
ග්වන්තනාමෝ බේ සිරකඳවුර පසුගිය දිනවල කාගේත් කතාබහට ලක් විය. ඒ, එහි රැඳෙවියන් පිරිසක් මාස ගණනක් තිස්සේ උපවාසයක් ආරම්භ කිරීම නිසාය.
කියුබාවේ ඇමෙරිකන් පාලනය යටතේ පවතින ග්වන්තනාමෝ බොක්කේ ඇති එරට නාවික හමුදා කඳවුරේ ග්වන්තනාමෝ සිරකඳවුර ඇරැුඹුවේ 2002 වසරේ ජනවාරි 11 වැනිදාය.
ඇමෙරිකා රජය ත‍්‍රස්තවාදයට එරෙහි සටනේදී, අත්අඩංගුවට ගන්නා සැකකරුවන් රඳවා තැබෙන්නේ මෙම ග්වන්තනාමෝ බේ සිරකඳවුරේය. වසර ගණනක් තිස්සේ එහි සිරගත කර සිටින ඇතැමුන් නිරන්තරයෙන් කුරිරු වධ බන්ධනයන්ට ලක් කෙරෙන බව පැවැසෙයි. ග්වන්තනාමෝ බේ බන්ධනාගාරය පවතින්නේ ඇමෙරිකානු හමුදා පාලනය යටතේය. එහි නියාමකවරු හමුදා භටයෝය.
තමන්ට සිදුවන කුරිරු වධ බන්ධනයන්ට එරෙහිව ග්වන්තනාමෝ බේ සිරකඳවුරේ රැුඳෙවියන් මාස ගණනාවක් තිස්සේ උපවාසයක් අරඹා ඇත. උපවාසයේ යෙදන රැඳෙවියන් කිහිප දෙනකුගේ තත්ත්වය බරපතළ බව ජාත්‍යන්තර රතු කුරුස සංවිධානය නිවේදනය කර ඇත. බන්ධනාගාර නියාමකවරුන් උපවාසයේ යෙදෙන තමන්ට වතුර පොදක් හෝ ලබා නොදෙන බව ද වාර්තා වේ.
උපවාසයේ යෙදෙන එම රැඳෙවියන් කියා සිටින්නේ තමන්ට එරෙහිව චෝදනා ඉදිරිපත් කරන්නේ හෝ නඩු විභාග පවත්වන්නේ හෝ නැතිනම් තමන් වහා නිදහස් කරන ලෙසටය.
2008 වසරේ ජනපතිවරණයට ඉදිරිපත් වෙද්දී, ග්වන්තනාමෝ බේ බන්ධනාගාරය වසා දමන බවට ඔබාමා ප‍්‍රතිඥා දුන්නේය.
දෙවැනි ධුර කාලය ආරම්භ කළත්, ඔබාමාට එම පොරොන්දුව ඉටු කිරීමට නොහැකි විය. ඊට හේතුව එම රැඳෙවියන් මුදා හැරීම ඇමෙරිකාවේ ජාතික ආරක්ෂාවට තර්ජනයක් වීමය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සඳරුවන්, සිද්ධාර්ත කුමාරයා හින්දි ජාතිකයෙක්. මුරුගනුත් හින්දු ජාතිකයෙක්. ඔයාලට වඩා එයාට අයිතියක් තියෙනවා බෞද්ධ දර්ශනය ගැන කතාකරන්න. (නි)
නිසාර්,සිද්ධාර්ථ කුමාරයාගේ ජාතිය ශාක්‍ය වංශය. බුදු වීමෙන් පසු බුද්ධ වංශය. ඒකයි කියන්නේ කිසිදු වූ සත්‍යයක් අසත්‍යයකට හසු නොකළ සත්‍යයම වදාළ (ශාක්‍යසිංහාභිජාත) ලොව්තුරා බුදු පියාණන් වහන්සේ කියලා.නිසාර්, දන්නේ නැති දේවල් කතා නොකර ඉන්න. (නි)
මුරුගන්, චුලා, මහේෂ්වරන්, හැම රටකම වගේ සිවිල් යුද්ද මිනිස් සංහාර ඇතිවෙලා තියෙනවා .උදාහරණ,අපේ රටත් සුද්දෝ අල්ලාගෙන සිංහලයෝ තේ වතු වලයි පාරවල් වලයි වැඩ කරන්නේ නැති නිසා ඉන්දියාවෙන් මිනිස්සු ගෙනාවා. අන්තිමේට සුද්දෝ අපේ රට දාල ගියා. නමුත් අර ගෙනාපු කම්කරුවෝ ගෙනිච්චේ නෑ. අන්තිමේට එයාල රටෙන් බාගයක් ඉල්ලනවා. මිහිඳු මහා රහතන් වහන්සේ ලංකාවට ගෙනාවේ නිර්මල බුදු දහම විතරයි. එත් දැන් ලංකාව?(නදී)
සඳරුවන් පුතේ. සුද්දෝ ඉන්දියානු කම්කරුවෝ, ෆිජි, කැරිබියන්, දකුණු අප්‍රිකාවට, කෙන්යා , උගන්ඩා,සැමෝව,සිංගප්පුරු,මැලේසියා වගේ හැම රටකටම ගෙනිච්චා. නමුත් ඒ කිසි රටක ප්‍රශ්නයක් නැහැ. මෙහෙ මහා ජාතිය වර්ගවාදී නිසා තමයි ප්‍රශ්නේ.(නදී)
නිසාර්,බෙලි කපන ෂරියා නීතිය වගේ නෙමෙයි, බුද්ධ ධර්මය වෙනස්. (නි)
නිසාර්,හින්දු කියන්නේ ශිව. ශිව කාලි දෙවියෝ අදහලා, සතුන්ගේ බෙලි කපලා, ලේ ගොටු තබලා, අමනුෂ්‍ය බලය ඉස්මතු කරලා පුද පූජා කරන ආගමක්. (නි)
සඳරුවන්. මේ අඹ ගහත් ඒ අඹ ගහත් හැර තවත් අඹ ගස් තිබේද?. නිකන් ඉන්නේ නැතිව ඔබටත් ඕනි නම් අඹ ගෙඩියක් කඩාගෙන යන්න කිව්වලු දේවානම් පියතිස්ස රජු.(නදී)
මට පෙනෙන විදියට මේ සදරුවන් කියන කෙනා සේනාවේ ලනු කාලා වගේ. (නි)
මුරුගන් බොරු විතරක් කියන්න එපා. ඔයත් ආවේ ඉන්දියාවේ ඉදල තේ වතු වල වැඩ කරන්න බව මතක තියා ගන්න. කොහොම උනත් මේක ඔබලගේ කුමන්ත්‍රණයක් වෙන්න පුලුවන්.(නදී)
කිවයුතු දේ කෙලින් කිවයුතුය. මේ රට බිහි වෙච්ච දේසපාලන කණ්ඩායම් සහ තවත් පක්ෂ කරේ අපිව ගොනාට අන්දවල මිනිස්සු මරපු එක. අපේ රටේ මිනිස්සු උන්ගේ කීමට කරපු ගොන් වැඩ ගැන අපි හොදට දන්නවා. අපට අපේ පාඩුවේ ඉන්න දීපල්ලා. උබලගේ ඔය ජාතිබේද ආගම් බේද උබලගේ හිතේ තියාගනිල්ලා අපිට ඒවගෙන් වැඩක් නැ . මම දන්නේ මෙය පමණි අපි ඔක්කොම මිනිස්සු!(නදී)
සුද්දොයි අපියි නාවා නම් ඔයාලට තේත් නැහැ. තුන්වෙනි ආර්ථිකෙන් බිලියන 3 ආදායමකුත් නැහැ. (නි)
නිසාර්, මුදලට රට ජාතිය පාවා දෙන අය හිටියත් අපි වගේ සිංහල බෞද්දයෝ එකා පිට එකා මැරී වැටුනත් අවුරුදු 5000 ක් යන තුරු බුදු දහම මාතෘභූමියෙන් යටපත් කල නොහැක. කිසිදු වූ සත්‍යයක් අසත්‍යයකට හසු නොකළ බුද්ධ ධර්මය රකිනවා.(නදී)
ලෝකයේ මිනිසත්කම රඳා පවතින්න නම් ලොව පුරා අන්තවාදය පතුරන සෞදි අරාබියත්, ලොව පුරා මිනිස් සංහාරය කරන ඇමෙරිකාවත් මිහි තලයෙන් තුරන් විය යුතුයි. (නි)
පද්මා,ඔයාලා දන්නේ සුජාත දියණි,අභීත දියණි ගැනයි බොළඳ දේවල් ගැනයි විතරයි. බුද්ධිමතුන්ට ලනු දෙන්නත් බැහැ ලනු කන්නෙත් නැහැ. (නි)
මහේෂ්වරන්, මුරුගන් මේ තීරුවට ලියනා නුබලාගේ පරගැති අදහස් හැම එකකින්ම පෙනීයන්නේ අප රට දෙකඩ කිරීටම සුද්දාට කඩේයාම පමනයි. මෝඩයිනි ලංකාවට ප්‍රථම හරිනම් බබලා එකතුවී තමිල්නාඩුව විශාල ඉන්දියාවෙන් වෙන් නොකර ලංකාව දෙකඩ කිරීම හීනයකි. තවද සුද්දෝ දමිළ කම්කරුවන් ගෙනගිය අන් රටවල් ඉන්දියාවට බොහෝ දුරවීමත් යාබද නොවීමත් එයට හේතුවයි. තව විවිධ හේතු නැතුවා නොවෙයි. ඔබලා හරියට ලිදේ මැඩියෝ වගේ. එමනිසා ඒවා කීමේ තේරුමක්ද නැත.(නදී)
මේවා සි අයි ඒ එකේ වැඩ.(නදී)
සුළුතර කිහිප දෙනෙකුගේ මානව හිමිකම් කඩා හෝ බහුතරයේ ජිවත්ම්වීමේ මානවහිමිකම රකිත්වා(නදී)
සි අයි ඒ එකට ඔතන ඉන්න අල්කයිඩා එකේ ඔක්කොගෙම ජිවිත වල වගකීම බාරදෙන්න. හදිසි අනතුරු, හදිසි හර්දයාබාද, අගාත හරහා සිරකරුවන් ගෙන් වන අවදානම තුරන්කර දමන්න.(නදී)
ආ සදරුවන්, එතකොට 71,83,88,89 ලංකාවේ වෙච්ච මිනිස් සංහාර.(නදී)
සදරුවන්, යුද්දෙන් පස්සේ ලංකාවෙත් 5000 සැක කටයුතු ලෙස මිය ගිහින් කියලා මන් දැක්කා ලිපියක පල වෙලා තියනවා, කියෙව්වද. (නදී)
ලිපියත් සැක සහිතයි. (ස)