අත්හැර දැමූ ගල්වළක ඉදිකෙරෙනා තරු පහේ හෝටලයක් ගැන වාර්තා වන්නේ චීනයෙනි.

මේ ගල් වළ අඩි 100 ක් පමණ ගැඹුරුය.පිහිටා ඇත්තේ චීනයේ ටියන්මෙන්ෂන් කන්ද පාමුලය.

මේ සදහා වැය කිරීමට අපේක්ෂිතව ඇති මුදල පවුම් ලක්ෂ 3450 කි.හෝටලය තට්ටු 19 කින් සමන්විතය.
පහත මහල් ඉදිකෙරෙනු ඇත්තේ දිය යටය.හෝටලයේ ඉදිකිරීම් කටයුතු වසර 3 කදී නිම කිරීමට සැළැසුම් කර ඇත.

ගල් වළ පිරිසිදු කර ජලයෙන් පුරවා පිහිනුම් තටාකයක් ලෙස භාවිතා කිරීමට සිටිනා බව සැලසුම්කරුවෝ කියති. කදුකර ප්‍රදේශයක ඉදිකෙරෙනා බැවින් හෝටලයේ නවාතැන් ගන්නවුන්ට කදු නැගීම ආදී ක්‍රියාකාරකම් වලත් නිරත වීමට හැකිවනු ඇතැයි ඔවුන්ගේ අදහසයි.