ඩුබායිහිදීය (රොයිටර්)
ජෝර්දානයට එක්සත් ජනපද ඩොලර් බිලියන 2.5 සහන මුදලක් ලබාදීමට තීරණය කළ බව සෞදි අරාබිය, කුවෙටය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය අද (11) නිවේදනය කළේය.
ජෝර්දානය මුහුණ දී සිටින දේශපාලන සහ ආර්ථික අර්බුදය විසඳීමට සහාය දීමක් වශයෙන් මෙම සහන මුදල ලබාදෙන බව සෞදි අරාබිය, කුවෙටය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය යන ගල්ෆ් රටවල් ත්‍රිත්වය ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය.
ජෝර්දාන රජය ගන්නා ලද රාජ්‍ය වියදම් අඩු කිරීමේ ආර්ථික ප්‍රතිසංස්කරණ සහ රාජ්‍ය වියදම් වැඩි කිරීමේ බදු ප්‍රතිසංස්කරණ හේතුවෙන් පසුගිය සතියේදී අම්මාන් අගනුවර ඇතුළු නගර කිහිපයකම විරෝධතා ඇතිවිය. මේ හේතුවෙන් ජොර්දාන අගමැතිවරයා ඉල්ලා අස්වූ අතර අබ්දුල්ලා රජු නව අගමැතිවරයකු පත් කළේය.
ඇමෙරිකාවේ මිත්‍ර රටක් වන ජෝර්දානයේ ඇති වී තිබෙන මෙම නොසන්සුන්තාව කලාපයේ අනෙක් රටවලට පැතිර යෑමේ අවදානමක් ද ඇති වී තිබේ. විශේෂයෙන්ම ජෝර්දානය මුහුණ දෙනවාට සමාන අභියෝගවලට මුහුණ දෙන බහ්රේනය සහ ඊජිප්තුවට එම විරෝධතා පැතිර යෑමේ වැඩි අවදානමක් හට ගෙන තිබේ.
එම තත්ත්වය සලකා බලමින් ගල්ෆ් කලාපයේ ධනවත් රටවල් ත්‍රිත්වයක් වන සෞදි අරාබිය, කුවේටය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය මෙලෙස ජෝර්දානයට උපකාර කිරීමට ඉදිරිපත් විය.
මෙම සහන මුදල සම්බන්ධයෙන් සාකච්ඡාවක් අද (11) සෞදි අරාබියේ මක්කමදී සෞදියේ සල්මාන් රජුගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. ඊට ජෝර්දානයේ අබ්දුල්ලා රජු, කුවෙටයේ ෂීක් සබාහ් අල් අහ්මද් අල් ජබෙර් අල් සබාහ් එමීර්වරයා සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ උප ජනාධිපති ෂීක් මොහොමෙද් බින් රෂීද් යන අය සහභාගී වූහ.
055
2025 නොවැම්බර් මස 21
162
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
234
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
1103
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
ගල්ෆ් රටවල් තුනකින් ජෝර්දානයට ඩොලර් බිලියන 2.5 ක්