ඝාතනය කෙරුණු ලිබියාවේ හිටපු නායක කර්නල් මුවම්මාර් ගඩාෆිගේ හිතවාදීන් පිරිසක් විසින් ඉකුත් 23 වැනිදා යළි අත්පත් කරගත් බානී වාලීඞ් නමැති ලිබියා නගරයේ මේ වනවිට නව ප‍්‍රදේශීය පලාන සභාවක් පිහිටුවා ඇති අතර එම පාලන සභාවට අන්තර්වාර පාලක මණ්ඩලයේ ද අනුමැතිය ලැබී තිබේ. ගඩාෆි බලයෙන් නෙරපා දැමීමට සටන් වැදුණු කැරැුලිකරුවන්ගේ දේශපාලන හඬ වූයේත්, වර්තමානයේ ලිබියාවේ පාලන කටයුතු පවරා ගෙන සිටින්නේත් ලිබියා ජාතික අන්තර්වාර පාලක මණ්ඩලයයි. බානී වාලිඞ් නගරයට කඩා වැදී ලිබියා ජාතික අන්තර්වාර පාලක මණ්ඩලයේ කැරැලිකරුවන්ට පහර දී පන්නා දමා නගරය අත්පත් කර ගත් ගඩාෆි හිතවාදී සෙබළුන් එම ප‍්‍රදේශීය පාලන සභාව පිහිටුවා ඇත්තේ නගරයේ සිටින ගෝති‍්‍රක ප‍්‍රධානීන්ගේ ද සහාය ඇතිව යැයි වාර්තා වේ. බානී වාලිඞ්හි පිහිටුවා ඇති නව පාලන සභාවට තම අනුමැතිය ලබා දීමට කටයුතු කළේ රටේ සාමය දිගටම පවත්වා ගෙන යෑමට අවශ්‍ය නිසා යැයි ලිබියා ජාතික අන්තර්වාර පාලක මණ්ඩලය නිවේදනය කරයි.
1
සජිත්ගෙන් ඉරාන්ට සැර උත්තරයක්
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd