විද්‍යුත් මුදල් සම්බන්ධයෙන් දැන්වීම් පළ කිරීම ලබන ජූනි මාසයේ සිට තහනම් කරන බව ගූගල් සමාගම අද, (14) නිවේදනය කළේය.
ක්‍රිප්ටෝකරන්සීස් එසේත් නොමැති නම් ඩිජිටල් මුදල් යනුවෙන් හඳුන්වන විද්‍යුත් මුදල් සම්බන්ධ දැන්වීම් පළ කිරීම මෙලෙස නවතා දැමෙනු ඇත. මේ අනුව නියාමනය නොකළ ද්වි අංග, ක්‍රිප්ටෝකරන්සීස් සහ ඔට්ටු ඇල්ලීමේ ක්‍රමවේදයක් ලෙසින් හැඳින්විය හැකි ‘ෆයිනෑන්ෂියල් ස්ප්‍රෙඩ් බෙටින්’ යනාදී නියාමනයට ලක් නොවූ මූල්‍ය නිෂ්පාදන සම්බන්ධයෙන් දැන්වීම් පළ කිරීම නව රෙගුලාසි අනුව තහනමට ලක්වන ගූගල් සමාගම සඳහන් කළේය.
පසුගිය වසරේදී තම දැන්වීම් ප්‍රතිපත්ති උල්ලංඝණය කළ එක්සත් ජනපද ඩොලර් බිලියන 3.2ක දැන්වීම් ඉවත් කළ බව ගූගල් සමාගම තවත් තැනක සඳහන් කර තිබිණි. පසුගිය වසරේදී ඉවත් කළ දැන්වීම්වල වටිනාකම 2016 වසරේ ඉවත් කරන ලද දැන්වීම්වල වටිනාකම මෙන් දෙගුණයක් බවත් ගූගල් සමාගම එහි සඳහන් කර තිබිණි.
ගූගල්, ඉන්ස්ටග්‍රම් යනාදි ගූගල් සමාගමේ සියලු සමාජ මාධ්‍ය වේදිකා තුළ මෙම ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන බව ගූගල් සමාගම තවදුරටත් සඳහන් කළේය.
රොයිටර්
055

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙන්න ගුගල් සමාගම මාධ්‍ය වාරණය පටන් අරන්.