ඉන්දියාවේ ගංගානම් ගඟ හරහා වේලි 50ක් ඉදිකිරීමට විරෝධය පෑම සඳහා සියයකට අධික කසාවත් හැඳගත් සාධුවරු පිරිසක් පෙරේදා (18) නවදිල්ලි නුවරට රැස්ව විරෝධතාවයක නියැලූණහ. මෙම විරෝධතාවට සාධුවරුන්ට අමතරව පරිසරවේදීහු පිරිසක් ද සහභාගී වී සිටියහ. වේලි ඉදි කිරීම සම්බන්ධයෙන් විරෝධතාව පළ කළ ඔවුන් කියා සිටියේ ඉන්දීය රජය සිය ගංගා මාතාව විනාශ කරමින් සිටින බවත් වේලි සියල්ලක්ම ඉදි කළ හොත් ගංගාව සිඳීයා හැකි බවත්ය. මෙසේ විරෝධතාවල නිරත සාධුවරුන්ගෙන් පිරිසක් ඉන්දීය රජය මෙම ගැටලූවට නිසි ප‍්‍රතිචාරයක් දෙන තෙක් මාරාන්තික උපවාසයක නිරත වී සිටින බව ද වාර්තා වේ. ගංගානම් ගඟ ඉන්දියාවේ වෙසෙන මිලියන ගණනාවක් වන හින්දුන්ගේ පූජනීයත්වයට පත් ගංඟාවකි. ඉන්දියාවේ ප‍්‍රාන්ත 5ක් ඔස්සේ ගලාබසින ගංගානම් නදිය කිලෝමීටර 2,525ක දිගින් යුක්තය.