IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


කාෂ්මීරයට පනවා ඇති සීමා ගැන එ.ජා. සංවිධානය අනතුරු අඟවයි

ඉන්දියානු පාලන කාෂ්මීර ප්‍රදේශයේ ස්වයං පාලන බලතල ඉවත් කිරීම සඳහා ඉන්දියානු රජය පසුගියදා ගත් තීන්දුවත් සමඟ කාෂ්මීර වැසියන්ගේ මානව හිමිකම් වලට බරපතල බලපෑම් එල්ල විය හැකිබව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි.

පසුගිය ඉරිදා සිට ඉන්දියාව විසින් පාලනය කරන කාෂ්මීර ප්‍රදේශයේ සන්නිවේදන සම්බන්ධතා අවහිර කර ඇති අතර දේශපාලන රැස්වීම් තහනම් කිරීම, දේශපාලන නායකයින් රඳවා තබා ගැනීම හා ප්‍රදේශයේ විශාල වශයෙන් හමුදා බලඇණි යෙදවීම වැනි පියවර රාශියක් ගනු ලැබීය.

එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසන්නේ කාෂ්මීර ප්‍රදේශය තුල ඉන්දීය රජයේ මෙම ක්‍රියාකාරකම් සම්බන්ධව දැඩි අවධානය යොමු කර ඇති බවයි.

මෙලෙස සීමා පැනවීම් සම්බන්ධව කාෂ්මීර වැසියන් විරෝධතා ආරම්භ කර ඇති අතර ඉන්දියානු හමුදා භටයන් වෙත ගල් මුල්  ප්‍රහාර ද එල්ල කර ඇතැයි මාධ්‍ය වාර්තා කර ඇත.

ජම්මු කාෂ්මීර ප්‍රාන්තයේ මුස්ලිම් බහුතරයක් වෙසෙන අතර ඉන්දිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් එම ප්‍රදේශයට ලබාදී තිබූ විශේෂ ස්වයං පාලන බලතල අවලංගු කිරීමත් සමඟ මෙම තත්ත්වය උදාවිය.

(බීබිසි ඇසුරිණි - 085)



අදහස් (0)

කාෂ්මීරයට පනවා ඇති සීමා ගැන එ.ජා. සංවිධානය අනතුරු අඟවයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 691 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 331 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1117 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site