(ශ්‍රීනගර්හිදීය (ඒ.එෆ්.පී)
ඉන්දීය කාශ්මීරයේදී හමුදා රථයකට ගැටී තරුණයකු මියයෑමත් සමඟ කාශ්මීරය නැවතත් උණුසුම් වී තිබේ.
ජීවිතක්ෂයට පත්වූ තරුණයාගේ අවමංගල්‍යය සෙනසුරාදා (2) පැවැති අතර ඊට සහභාගී වූ දහස් ගණනක් විරෝධතාවල නිරත වූහ.
එම පිරිස් පළවා හැරීම සඳහා කඳුළු ගෑස් සහ මිරිස් ඉහින අත් බෝම්බ යොදා ගැනීමට පොලිසිය කටයුතු කළේය.
විරෝධතාකරුවන් පොලිසිය වෙත ගල් ප්‍රහාර රැසක් එල්ල කර තිබෙන විරෝධතා හේතුවෙන් ඉන්දීය කාශ්මීරයේ ප්‍රධාන නගරය වන ශ්‍රී නගර්හි ද බෙදීමක් ඇති වී තිබේ.
ශ්‍රී නගර් හි ඇති වූ මෙම ප්‍රචණ්ඩකාරී තත්ත්වය හේතුවෙන් විරෝධතාකරුවන් සිවිදෙනකු තුවාල ලැබූ බව පොලිසිය සහ සිද්ධිය ඇසින් දුටුවෝ කීහ.
මහ පල්ලිය ආසන්නයේදී ආරක්ෂක අංශවලට අයත් රථයක ගැටීමෙන් 21 හැවිරිදි කයිසෙර් බාත් ජීවිතක්ෂයට පත්වූයේ සිකුරාදා (1) ය.
ඒත් සමඟ පොලියසිය ප්‍රචණ්ඩත්වය වපුරන බවට චෝදනා කරමින් ශ්‍රී නගර් වැසියෝ විරෝධතාවල යෙදුණාහ. විරෝධතා සෙනසුරාදා දිනයේදීත් පැවැති අතර පිරිස් පොලිසිය වෙත් ගල් ප්‍රහාර එල්ල කිරීමත් සමඟ එය ගැටුමක් දක්වා උත්සන්න විය.
(055)
COMMENTS
එංගලන්තය දෙවන ලෝක යුධ සමයේ බර්ලීන් නගරයට කාල බෝම්බ දහස් ගානක් හෙලා තියනවලු වුවමනා වෙලාවට පුපුරවන්න. තාම එ්ව පොලව යට තියනවලු. මේ ළඟදිත් එකක් හම්බුනා. එමෙන්ම ඔවුන් තම යටත් විජිතවලත් නිදහස ලබා දෙන විට ජාතිවාදය. අාගම්වාදය, දේශසීමා අර්බුදය නැමැති කාල බෝම්බ අටවලා ගිහිල්ලා තියෙන්නේ කාලෙන් කාලෙට පුපුරන්න. වෙන මුකුත් නිසා නෙමේ අනාගතයේ තමන්ට තරඟකරුවන් අඩු කර ගැනීමටත්, නව යටත්විජිතවාදය තහවුරු කිරීමටත්. අපිත් එ් බෝම්බ තාමත් කරේ තියන් යනවා.