IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


කාශ්මීරයේ ගැටුමකින් සටන්කාමීහු දෙදෙනෙක් මරුට

දකුණු කාශ්මීරයේ ඉන්දීය ආරක්ෂක අංශ සහ සටන්කාමීන් කණ්ඩායමක් අතර ඇති වූ ගැටුමකින් සටන්කාමීන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි වාර්තා වේ. 
 
ආරක්ෂක අද අලුයම (12) කරන ලද මෙහෙයුමක් අතරවාරයේදී එම සටන්කාමීන් දෙදෙනා මියගිය බව නිලධාරියෙක් පැවැසීය. දකුණු කාශ්මීරයේ හෙන්ද් සතිඕරා ගම්මානයේ දී එම ගැටුම් ඇති වී තිබේ. 
 
“සටන්කාමීන් සැඟවී සිටින ස්ථාන සොයා ආරක්ෂක අංශ මෙහෙයුම් ක්‍රියාත්මක කළා. එම අවස්ථාවේදී සටන්කාමීන් ආරක්ෂක අංශ වෙත වෙඩි තැබුවා. සටන්කාමීන් දෙතුන් දෙනෙක් ගම්මානයේ සැඟවී සිටින බව තොරතුරු ලැබුණා. ගැටුම්වලින් සටන්කාමීන් දෙදෙනෙකු මියගිය බවට තොරතුරු ලැබී තිබෙනවා. ඒ බව විශ්වාසයි. එහෙත් තවමත් ඔවුන්ගේ සිරුරු ලැබුණේ නැහැ” යැයි එම නිලධාරියා කීවේය. 
 
ආරක්ෂක අංශවලට හසු වූ බව කියන සටන්කාමීන් දෙදෙනා නික්ලෝරාහි බෂාරත් අහ්මද් සහ කාසිපෝරාහි තරීක් අහ්මද් නමැත්තන් බව ආරක්ෂක අංශ විශ්වාස කරන බව ද වාර්තා විය. ඔවුන් දෙදෙනාම ලක්ෂාර් ඊ තලීබා සංවිධානයට අයත් යැයි ද කියැවේ. අහ්මද් නමැත්තා සටන්කාමීන් හා එකතුවීමට පෙර විශේෂ පොලිස් නිලධාරියකු ලෙස කටයුතු කර ඇති අතර අප්‍රේල් 26 වැනිදා ඔහු සිය රාජකාරී රයිෆලය ද සමඟ අතුරුදන් වී ඇතැයි ද වාර්තා විය. 
 
මියගිය හෝ අත්අඩංගුවට පත්වූ සටන්කාමීන් පිළිබඳ වැඩිදුර තොරතුරු ප්‍රසිද්ධියට පත් කර නැත. පූර්ව ආරක්ෂක පියවර ලෙස ප්‍රදේශයේ අන්තර්ජාල සේවා නවතා දැමීමට ද බලධාරීන් පියවර ගෙන ඇත. 
 
(ද හින්දු ඇසුරිනි) 
 055



අදහස් (0)

කාශ්මීරයේ ගැටුමකින් සටන්කාමීහු දෙදෙනෙක් මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 11 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 699 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 332 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site