ඇමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ ගොඩනැගිලි දෙකක් අතරට වැටුණු කාන්තාවක (28) බේරාගැනීමට සහන සේවකයෝ සමත්වූහ. ගොඩනැගිලි දෙක අතර පරතරය අඟල් 18කි.

ඇය  සිරවී සිටි ස්ථානයෙන් බේරාගැනීමට සහන සේවකයන් 30 ක් අවශ්‍ය වූ අතර සහන සේවකයන් කාන්තාව සිටි ස්ථානයට ළඟා වූයේ ගොඩනැඟිලි අතර රිංගමිනි.

කාන්තාව ගොඩනැගිලි අතරට වැටී ඇත්තේ එක් ගොඩනැගිල්ලක සිට තවත් ගොඩනැගිල්ලකට පනින්ට යාමේදීය.  සිරීම් තුවාල ලබා සිටි ඇය  ප්‍රතිකාර සඳහා රෝහල් ගත කැරිණි.

මෙම කාන්තාව මුලින්ම වහළයෙන් වැටී ඇත්තේ අඩි 5ක් පමණ පහළට වන අතර ඉන්පසු තවත් අඩි 25ක් පමණ පහළට ලිස්සා  ඇත.

ඇය බේරාගැනීමට පැමි‚ සහන සේවකයන්ගේ කණ්ඩායමේ ප්‍රධානියා පැවසුවේ   කාන්තාව බේරාගැනීම අභියෝගයක් වූ බවයි.

බිය වී නොසන්සුන් වී කාන්තාව සිටි බවත් ඇයව සන්සුන් කර වීමට ද සිදුවූ බවත් ඔහු කීවේය.