බ්‍රිතාන්‍ය බ්‍රිමියර් ලීග් පා පන්දු තරගයක් අතරතුරේ ‘මැන්චෙස්ටර් යුනයිටඩ්‘ පිලේ ක්‍රීඩකයකුගේ කටට කුරුල්ලකු වසුරු හෙලු සිද්ධියෙක් ඩේලිමේල් පුවත් සේවය අද (18) වාර්තා කළේය.
කුරුලූ වසුරු ප්‍රහාරයට ලක් වූයේ ඈෂ්ලි යංග් (29) ය. පා පන්දු තරගය පැවැත්වූයේ ‘මැන්චෙස්ටර් යුනයිටඩ්‘ පිල සහ ‘ස්වන්සී සිටී‘ පිල අතරේය.
තරගය උණුසුම් වූ අවස්ථාවේ, ඈෂ්ලි යංග්, ක්‍රීඩකයකුට බැන වදිමින් සිටිද්දී, පිටියට ඉහළින් පියාසර කරමින් සිටි කුරුල්ලා හෙලු වසුරු ඔහුගේ මුවට වැටුණේ අහම්බෙනි.
බැන වදිමින් ක්‍රී පිටියේ ඝෝෂාකාරීව හැසිරුණු හෙයින් කැමරාකරුවන්ගේ අවධානය ඈෂ්ලි යංග් කෙරෙහි යොමු වී තිබුණු අතර කුරුලූ වසුරු ඔහුගේ මුවට වැටෙද්දී එය ද රූගත වී තිබිණි.


COMMENTS
අපේ රටේ අහවල් පැත්තට ඔය වගේ කුරුල්ලෝ ටිකක්, ගෙනවිත් අතඅරින්න බැරිද කියලා පොඩ්ඩක් හොයලා බලන්න ඕනෑ..... (නි)
ඔය කුරුල්ලන් අපේ රටේ අහවල් පැත්තට ඉගිල්ලෙන්නේ නැද්ද? (නි)
ඉකේයියා ..! අප්පිරියයි (නි)
ඊයා... අප්පිරියාවේ බැහැ (නි)
රූපවතිට ඔච්චරම අප්පිරියද? (නි)
කටේ පහරන කුරුල්ලන් බෝකර නිදහස් කළොත් බොහෝ දේශපාලකයින් කට වහගනීවි (නි)
හොඳ වෙලාවට අලි පියාබන්නේ නැත්තේ (අ)
ඒච්චර හිතන්න එපා (අ)
මට මතක් වුණා උම්මග්ග ජාතකයේ කේවට්ටයාට වසුරු දාපු කතාව, සතර කම්මන්ත්‍රණය වෙලාවේදී. මගේ මතකය සාමාන්‍ය පෙළ පන්තියේ සිංහල සාහිත්‍ය පොතට ගියා. (නි)
චන්ද්‍රා වීරසිංහ මසුරන් කතාව (දී)
කුරුල්ලටත් තේරෙන්න ඇති මේ මනුස්සය කරදර කාරයෙක් කියලා. (දී)