කොරෝනා වෛරසය පැතිර යාමේ අවදානම මත පාසල් තාවකාලිකව වසා දැමීම හේතුවෙන් ලොව පුරා සිසුහු මිලියන 300 කට අධික සංඛ්‍යාවක් නිවෙස්වල රැඳී සිටිති.
පවතින තත්ත්වය හමුවේ චීනය, ඉතාලිය, අමෙරිකාව සහ ඉන්දියාව ඇතුළු රටවල් 22 ක පාසල් තාවකාලිකව වසා ඇත.
විභාග පැවැත්වීම ඇතුළු ඔවුන්ගේ සියලු අධ්‍යයන කටයුතු මේ හේතුවෙන් ඇණහිට තිබේ.
ඉතාලිය තුළ වෛරසය පැතිර යාම් හේතුවෙන් තාවකාලිකව වසා තැබෙන පාසල් සංඛ්‍යාව තවදුරටත් ඉහළ නැංවීමට සිදුවනු ඇතැයි එරට බලධාරීහු පැවසූහ.
එරට සියලු පාසල් සහ විශ්වවිද්‍යාල මාර්තු 15 වැනිදා දක්වා තාවකාලිකව වසා දමා ඇත.
අමෙරිකාවේ ලොස් ඇන්ජලීස්, වොෂිංටන් හා නිව්යොක් ආදී ප්‍රදේශවල ද පාසල් වසා දමා තිබේ.
-226-
(ඉකනොමික් ටයිම්ස්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd