IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


කුර්දි ජාතිකයන්ට එරෙහිව තහනම් අවි

කුර්දි ජාතිකයින්ට එරෙහිව තහනම් රසායනික අවි භාවිතා කිරීම හේතුවෙන් සිරියාවේ වෙසෙන කුර්දි ජාතික කුඩා ළමුන් බරපතල ලෙස පිළිස්සුම් තුවාල ලබා රෝහල් ගත කර තිබේ. රාස් අල්-අයින් නගරයේ සිදුවූ මෙම ප්‍රහාරවලින් පිළිස්සුම් තුවාල ලැබූ කුඩා දරුවන් කිහිප දෙනෙකු ඊට ආසන්නයේ පිහිටි රෝහලට ඇතුළත් කරන ලදී.

උඩුකය කොටස දරුණු ලෙස පිළිස්සීමකට ලක්වූ එක් දරුවකු කෑගැසුවේ  ‘පිච්චෙනවා නවත්වන්න ... මම ඔබෙන් අයදිනවා‘ යනුවෙනි. තවත් එක් දරුවකුගේ මුහුණ ගැඹුරු ලෙසින් පිළිස්සීමකටද ලක්වී ඇත. පසුව වෛද්‍යවරුන් ඔහුට මෝෆීන් නැමැති ඖෂධය දී ඇති අතර මෙම දරුවා ප්‍රතිකාර ලැබීමට පෙර පැය 12 ක් පමණ වේදනාවෙන් සිට ඇති බව කියැවේ.
 
කුර්දි මාධ්‍ය ඒකකයක් විසින් නිකුත් කරන ලද වීඩියෝවක පිළිස්සුම් තුවාල ලද ළමයින්ගේ දර්ශන ඇතුළත් වී තිබේ.

බි්‍රතාන්‍ය ජාතික රසායන විද්‍යාඥයකු වන හමීෂ් ඩි’බ්‍රෙටන් ගෝර්ඞ්න් මහතා පවසන්නේ මෙම පිළිස්සුම් තුවාල සුදු පොස්පරස් යොදාගැනීමෙන් ඇතිවූ ඒවා බවයි. ‘සුදු පොස්පරස්’ තහනම් රසායනිකයකි. එය සමට ඇලෙන අතර සමේ ඇති ජලය ඉවත්කරමින් ගැඹුරු පිළිස්සුම් තුවාල ඇතිකරයි. සමට ඇළුණු පසුව ඉවත් කිරීමද කළ නොහැක්කකි.

මේ අතර සටන් ඇවිලෙන සීමාවේ ‘නාපාම්’ නැමැති රසායනික අවි භාවිතා කරන බවටද චෝදනා එල්ල වෙයි. මෙම නාපාම් අවි වියට්නාම් යුද්ධයේදී බහුල ලෙස භාවිතා කෙරිණ.

එක්සත් ජනපද උප ජනාධිපති මයික් පෙන්ස් මහතාගේ මැදිහත් වීමෙන් පසුව පසුගිය බ්‍රහස්පතින්දා සිට තුර්කිය උතුරු සිරියාවට ප්‍රහාර එල්ල කිරීම දින 5කට අත්හිටුවීමට කටයුතු කළේය. සැතපුම් 20ක් පළලින් යුතු ආරක්ෂිත කලාපයේ කුර්දි බලඇණි ඉවත් කිරීමටද කටයුතු කරන බවද සඳහන්ය. මයික් පෙන්ස්, තුර්කියේ ජනාධිපති එර්ඩෝගන් සහ කුර්දි හමුදා ප්‍රධානීහු මෙම සටන් විරාමයට එකඟ වූහ. පසුගිය බ්‍රහස්පතින්දා දිනයෙන් පසු තවමත් හදිසි ප්‍රහාරයක් ඇන්කාරා නරගයෙන් වාර්තා නොවීය.

ඇන්කාරාහි සැලසුම්වල අරමුණ වන්නේ උතුරු සිරියා මායිමේ පිහිටි කුර්දි ජාතිකයින්ගේ ආරක්ෂිත ඒකක ඉවත් කිරීමයි. මෙම ගැටුම්වලින් සිවිල් වැසියන් 72 ක් පමණ මිය යන්නට ඇතැයි සැලකේ.

මෙම උද්ගතව ඇති තත්වය පිළිබඳව සාකච්ඡා කිරීමට තුර්කි ජනපති එඩෝර්ගන්ට රුසියාවට පැමිණීමට විලැද්මීර් පුටින් විසින් ඇරයුම් කළත් එඩෝර්ගන් පවසා ඇත්තේ තමාට ඒ සම්බන්ධයෙන් උනන්දුවක් නැති බවයි.

- ඬේලි මේල් ඇසුරිනි

- 322



අදහස් (1)

කුර්දි ජාතිකයන්ට එරෙහිව තහනම් අවි

Nimal Sunday, 20 October 2019 03:49 AM

මුලු ලොවu නිහඬය. තමුන්ට වන ඇබැද්දියක් නොවන නිසා ඔවුන් නින්දට වැටී ඇත. උත්තරද්‍රවයේ අයිස් කැටයක් දියවෙන විටත් කෑමොරදෙන බලවතුන් සිය මුඛ අගුල්දමා ඇත.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 84 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 138 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 939 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site