IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


කරච්චි නුවර පා පන්දු පිටියක බෝම්බයක් පිපිරේ

පාකිස්තානයේ කරච්චි නුවර ලයාරී පළාතේ පා පන්දු කී‍්‍රඩංගණයක ඊයේ (7) සවස අධි බලැති බෝම්බයක් පුපුරා යෑමෙන් කුඩා දරුවන් හත් දෙනකු ඇතුළු 11 දෙනකු ජීවිතක්ෂයට පත් වූ අතර 24 දෙනෙක් තුවාල ලැබූහ.

බෝම්බය පුපුරා යද්දී පැවැත්වෙමින් තිබුණේ වයස අවුරුදු 12 න් පහළ පා පන්දු තරගයකි. බෝම්බය පුපුරා ගියේ තරගය නිමා වීමට ආසන්න වෙද්දීය. මියගියේ වයස අවුරුදු 12 ත් 15 ත් අතර වයස්වල දරුවන් යැයි රෝහල් ආරංචි මාර්ග කියා සිටී.

බෝම්බය පේ‍්‍රක්ෂකාගාර අසල නවතා තිබුණු යතුරු පැදියක අටවා තිබුණු බව පරීක්ෂණවලින් හෙළි වී ඇතැයි පොලිසිය වැඩි දුරටත් කියා සිටී. බෝම්බ පිපුරුම සම්බන්ධයෙන් පරීක්ෂණ කටයුතු දිගටම සිදුවෙමින් පවතී.

බෝම්බ ප‍්‍රහාරයේ වගකීම තවමත් කිසිවකු විසින් බාර ගනු ලැබ නැති අතර, ප‍්‍රහාරකයන්ගේ ඉලක්කය වී ඇත්තේ පා පන්දු තරගයේ විශේෂ අමුත්තා ලෙස පැමිණ සිටි ප‍්‍රාදේශීය ඇමැති ජාවඞ් නගෝරී විය හැකි යැයි පොලිසිය අනුමාන කරයි.

ප‍්‍රහාරයෙන් ඇමැතිවරයාට හෝ ඔහුගේ ආරක්ෂක නිලධාරීන්ට හෝ කිසිදු අනතුරක් සිදු නොවිණි
.
පාකිස්තානයේ ප‍්‍රධාන වෙළෙඳ නගරය ලෙස ද සැලකෙන කරච්චියේ ආගමික, වාර්ගීක සහ දේශපාලනික ප‍්‍රචණ්ඩ කි‍්‍රයා ඇවිළී යෑම ඇරැඹුණේ, මීට වසර කිහිපයකට පෙර සිටය.

පසුගිය පාකිස්තාන මහ මැතිවරණයෙන් පසුවද එම ප‍්‍රචණ්ඩ කි‍්‍රයාවල අඩුවක් දකින්න ලැබුණි.

ප‍්‍රචණ්ඩ ක‍්‍රියා සිදුකරන්නේ තලේබාන් හිතවාදීන් යැයි බුද්ධි අංශ පවසයි.

පාකිස්තාන හමුදාව, පාකිස්තානයේ තලේබාන් සටන්කාමීන් සමඟ සටන් ආරම්භ කළේ 2001 වසරේ දී ඇමෙරිකාව ආරම්භ කළ ත‍්‍රස්තවාදයට එරෙහි සටනේදී ඇමෙරිකාවට සහාය පළ කරමිනි.

පාකිස්තාන හමුදාව තලේබාන් සටන්කාමීන්ට දිගට හරහට ප‍්‍රති ප‍්‍රහාර එල්ල කරද්දී පවා, තලේබාන් හිතවාදීහු පාකිස්තානයේ නොයෙක් නොයෙක් පළාත්වල ප‍්‍රචණ්ඩ කි‍්‍රයා සිදු කරති.

තලේබාන් හිතවාදීන්ගේ එම ප‍්‍රහාර හේතුවෙන් අහිංසක සිවිල් වැසියන් දහස් ගණනකට තම ජීවිතවලින් වන්දි ගෙවීමට සිදු වී ඇත. එපමණක් නොව, එම ත‍්‍රස්ත කි‍්‍රයා හේතුවෙන් බොහෝ දෙනකුට උන්හිටිතැන් ද අහිමි වී ඇත.

 



අදහස් (0)

කරච්චි නුවර පා පන්දු පිටියක බෝම්බයක් පිපිරේ

වීජීය Thursday, 08 August 2013 12:09 PM

කනගාටුයි

:       0       0

සමන් Thursday, 08 August 2013 09:16 PM

මාෂා අල්ලාහ්! (නි)

:       0       0

නාලක Thursday, 08 August 2013 09:33 AM

බෝම්බ සංස්කෘතිය ලංකාවේ නැහැ දැන් (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 147 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 951 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site