පාසැල් වාර විභාගයක් පැවැත්වෙමින් තිබුණු අවස්ථාවක එම සිසුන්ගේ දෙමව්පියෝ හා විභාගය පැවැත්වෙමින් තිබූ ගොඩනැගිල්ලට ගොඩවී එහි ජනේල වලින් එබී බලමින් විභාගය ලියමින් සිටි තම දරුවන්ට උදවු සපයමින් සිටි අපූරු දසුනක් ඉන්දියාවේ බිහාර් ප‍්‍රාන්තයේ පාසලකදී පසුගියදා දැකගත හැකිවිය.
ගොඩනැගිල්ල ඉතා උස් එකක් වූ අතර අවදානමද නොතකා එයට ගොඩවීමට සිසුන්ගේ දෙමව්පියෝ එහි නැග සිටියහ.ජනෙල් පොලූ අතරින් අත දමමින් ඔවුහු පිළිතුරු ලියන ලද කොළ කැබලි සිසුන් අතට දුන්හ.
පාසැල් බළධරයින් පවසා සිටියේ මෙසේ විභාග වංචා සිදුකිරීමට දෙමව්පියන් දරුවන්ට උදවු කිරීම වැළැක්වීමට තමන්ට කළ හැක්කක් නොමැති බවයි.එසේවුවත් උත්තර පත‍්‍ර පරීක්ෂාවේදී වංචා කළ සිසුන් හදුනාගැනීම පහසුදෙයක් බව ඔවුන් කිවේය.
විභාග වංචා වල යෙදීමට ඉන්දියා සිසුන් යොමුවන්නේ උසස් අධ්‍යාපන වරම් ලබාගැනීමට ඔවුන්ට අවස්ථා මද නිසාවෙන් බව ඉන්දියා බළධරයින්ම පිළිගනී.ගුරුවරුන්ගේ හිගය,සම්පත් හිගය ආදී කරුණු බොහෝමයක්ද මෙවන් තත්ත්වයක් ඇතිවීමට හේතු බව ඔවුන් කියයි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉන්දියාව තවත් ලෝකයක් වැනිය- සුදු-කළු දෙකම සුලභය .. (ම)
ඉන්දියානුවන්ගේ විභාග සහතික වල හොර බලන්න ඕනෑ නම් එන්න කටාර් (නි)
තිලක්, ඔයා නම් හරියටම හරි. මමත් දැකපු වැඩිපුර ඉන්දියන් "ඉංජිනේරුවෝ " එහෙම අය තමයි. නමුත් තිලක් මෙයාලගේ කට්ට්ටිය අග්නි රොකට් එකත් හැදුවා, අඟහරුටත් යානාවන් යැව්වා! (නි)
ප්‍රශ්න පත්තර ටික ගෙදර ගෙනිහින් උත්තර ලියාගෙන එන්න කිවුවනම් වැඩේ ඉවරිනේ....(ම)
ඉන්දියානුවන්ට කොහොමත් තියෙන්නේ හොර සහතික (ම)
අපිට හරි පුදුමි.. ලංකාවේ අපේ දෙමවුපියෝ අපිට කොපි කරන්න දෙනෙත් නෑ මේ ගුරුවරුන්ට මේවා පෙන්නේ නැද්ද? (ම)
ඉන්දියන් අභාෂය යාපනේනම් තියෙනවා. සිරිමාවෝ ට දිස්තිරික්ක අනුපාතයට විශ්ව විද්‍යාල වලට ළමුන් ගන්න උනේ යාපනයේ කාලකන්නි උන්ගේ ගුරුවරුත් එකතුව උසස් පෙළ විභාගය කොපි කල නිසා. (ස)
සංජීව හරි. මා එක්ක තරුණ ඉන්දියානු ඉංජිනේරුවෙක් වැඩකරනවා. රසායන විද්‍යාව මොකුත්ම දන්නේ නැහැ. භෞතික විද්‍යාව කිසිම ගණනයක් කරගන්න දන්නේ නැහැ. මම ඇහුවා ඔබ හින්දි භාෂාව පිළිබඳ ඉංජිනේරු විභාගයද කළේ කියලා. (නි)
වාසනා වැරදියි. ප්‍රභූ වරු අට පාස් නැත්නම් කොහොමද ළමයන්ට උදව් කරන්නේ. (ස)
වැඩි පුරාම ගොන්නු ඉන්නේ ඉන්දියාවේ. මෝඩ චූන් පිරිලා. (ස).
අපේ රටටත් මේ ක්‍රමය හොඳයි, විශේෂයෙන් ප්‍රභූවරුන්ගේ පුත්තුන්ට (නි)