කෙන්යාවේ නයිරෝබී නුවර ජෝමෝ කෙන්යාටා ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ ඊයේ (7) මහා ගින්නක් හටගත් අතර එයින් ගුවන්තොටුපොළේ මගී පර්යන්තයට සහ භාණ්ඩ ගබඩා අංගන කිහිපයකට හානි සිදුවිය.
ගුවන්තොටුපොළ බලධාරීන් කියා සිටියේ සිදුවූ හානිය අතිමහත් බවය. ගින්නෙන් ජීවිත හානි කිසිවක් සිදුනොවිණි. ගින්න නිවා දැමීමට ගිනි නිවන භටයන්ට පැය කිහිපයක් වෙහෙසීමට සිදුවුණු බව ද වාර්තා වේ.
ගින්නට හේතුව කුමක්දැයි පරීක්ෂණ පැවැත්වෙන අතර, ගුවන්තොටුපොළ මේ වනවිට වසා දමා ඇති බවත් ගුවන් තොටුපොළට පැමිණෙන ගුවන් යානා වෙනත් ගුවන්තොටුපොළවලට හරවා යැවීමට කටයුතු කර ඇති බවත් වාර්තා වේ.
|
ගුවන් තොටුපොළේ ගින්න ඈතට දිස්වූ අයුරු.. |

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කනගාටුදායක පුවතක් , ඉක්මනින් යතා තත්වයට රැගෙන එන්න ලැබේවා. (අ)