මත්ද්‍රව්‍ය ප‍්‍රවාහනය කිරීමේ වරදට මරණය දණ්ඩනය නියම වු පුද්ගලයෙකු වරක් නොව දෙවරක්ම එල්ලා මරා දැමිමට නියෝග නිකුත් කිරීමට අධිකරණයට සිදුව ඇති අවස්ථාවක් ඉරානයෙන් වාර්තා වේ.
මේ පුද්ගලයාට ලැබුණු දඩුවම වූයේ එල්ලා මරා දැමිමය.
දඩුවම් ප‍්‍රකාරව එල්ලා දැමුණු ඔහුට රෝහලේ මෘතශරීරාගාරයේදී යළිත් ‘‘පණ‘‘ ලැබීම නිසා දැන් ඔහු සිටින්නේ සුවය ලැබීමට ප‍්‍රතිකාර ලබමින්ය.වෛද්‍යවරුන් පවසන්නේ ඔහු හොද සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බවයි.
එල්ලා දැමුණද පණ රැකී තිබීමට හේතුව තොණ්ඩුව ගෙල වටා හරි හැටි වැටී නොතිබීම විය හැකි යැයි වෛද්‍යවරුන්ගේ මතයයි.
යළිත් ‘‘පණ‘‘ ලැබූ මෙම පුද්ගලයා ගැන දැනගත් අධිකරණය දැන් බලා සිටින්නේ මොහු සුවය ලබන තෙක්ය.ඒ නැවත එල්ලා මරා දැමිමේ දඩුවම කි‍්‍රයාත්මක කිරීමටය.
ඉරාන අධිකරණයේ මෙම තීරණය ලොව මානව හිමිකම් වෙනුවෙන් පෙනී සිටින සංවිධානයන්ගේ දෝෂ දර්ශනයට ලක්වී තිබේ.
ඒම සංවිධානයන්හි අදහස වන්නේ වරක් මරණය අද්දරටම ගොස් යළි පැමිණී පුද්ගලයෙකුට නැවත වරක් එම දණ්ඩනය ලබා දීම මානුෂිය නොවන බවයි.
නමුත් ඉරාන අධිකරණය තම නියෝගය සම්බන්ධයෙන් සෘජු ප‍්‍රතිපත්තියක් අනුගමනය කරන සෙයක් පෙනේ.
කළ වරදට දඩුවම ලැබීමට අදාළ පුද්ගලයා සුදුස්සෙකු වන හෙයින් යළි ‘‘පණ‘‘ ලබා පැමිණියද එහි වෙනසක් ඇති නොවන බව අධිකරණයේ අදහසයි.
COMMENTS
ලංකාවෙ මරණීය දඬුවම නැවත ක්‍රියාත්මක වනු දැකීම නීතියට ගරුකරණ සාමකාමී මිනිසුන්ගෙ සිහිනයක් පමණයි. මෙතෙක් බලයට පැමිණි රජයන් ගණනාවක් මහ ලොකුවට අඬබෙර ගැහුවට කෝ ක්‍රියාත්මක කළාද? අසවල් තුමීගෙ කාලෙත් කොළ නැති ගහට පිට රටින් අළුත් කඹ ගෙනාවා කියලා පත්තරවල නම් තිබුනා. ඒත් ඒවා හරක් බඳින්න ගත්තද ළිදේ බාල්දියට ගැට ගැහුවද කියල දෙයියො තමයි දන්නෙ. ඉස්සරහටත් ඕය ටික ඔහොමම තමයි ක්‍රියාත්මක වෙන්නෙ නෑ මොකද එහෙම වුනොත් පාර්ලිමේන්තුවෙ වැඩි හරියත් එල්ලලා තනියම රට කරන්න රාජ්‍ය නායකයට සිද්ධවෙනවා ඔහොම යං..." කථාව දෝලාවෙන් ගමන පයින්"(නදී)
"කළ වරදට දඩුවම ලැබීමට අදාළ පුද්ගලයා සුදුස්සෙකු වන හෙයින් යළි පණ ලබා පැමිණියද එහි වෙනසක් ඇති නොවන බව අධිකරණයේ අදහසයි." මමත් එම අදහසට එකඟයි. කුඩුකාරයින්ට සමාවක් නැත. (නි)
මැරෙනතුරු මැරීමක්... (නි)
පේනවා නේද? ඔය වගේ නීති අපේ රටෙත් හදන්නයි සමහර කට්ටිය සැළසුම් කරන්නේ.ඉතින් දෙයියනේ ඔහොම බලනකොට කෑම නැතිවුණත් මට මගේ රට සුරලොවක්. (නි)
ලංකාවෙත් මත් කුඩු තුරන් කරන්නට නම්, මරණිය දණ්ඩනය නියම කර එය ක්‍රියාත්මක කළ යුතුය.උදාහරණයකට සිංගප්පුරුව ගන්න. එහි මත් කුඩු වලට කිසිම ඉඩක් නැහැ. (නි)
කුමාරන කියන්නේ ඕනෑම දරුණු අපරාධයක් කරලා බේරිලා ඉන්න පුළුවන් නිසා "මට මගේ රට සුරලොවක්" කියල.ඔන්න මිනිස්සුන් හිතන විදිහ.අපිනම් හිතන්නේ අපරාධ අඩු කිරීම සදහා නීතියක් ක්‍රියාත්මකවීම නිසා අහිංසක මිනිස්සුන්ට සතුටින් බිය සැකයෙන් තොරව ඉන්න ලැබෙන තැන සුර පුරයක් කියල.අබුද්දස්ස කාලේ ලබුත් තිත්ත වෙලා. (දිල්)
අනේ මේ වගේ කුමාරණ වගේ කට්ටිය ඉන්නකම් ලංකාව කවදාවත් දියුණුවෙන්නේ නැහැ.(දිල්)
අපේත් ලංකාවේ දේශපාලකයෝ ..දහා පාරක් එල්ලුවත් මරන්න බැරි කුඩු සීයල හැමතැනම ඉන්නේ ...?ඒ තරමටම පන හයියයි ...? (අ)
මට අපි පොඩි කලේ අහපු කතාවක් මතක් වෙනවා,ඔයාලත් අහල තියනවද කියන්න? අනේ මව මරලත් මරන්න කියල? (අ)
මම නම් හිතන්නේ මොහුට නැවත මරණීය දණ්ඩනය නොදී හිටියොත් හොදයි. මොකද නැවත මොහු ඒ වරද කරන්නේ නැතිවෙයි (නි)
එතකොට ලංකාවට කුඩු ගේන අය මරන්න වෙනවනේ? (අ)