කටාර් ගුවන් සේවයට අයක්   ගුවන් යානයක පුපුරණ ද්‍රව්‍ය ඇතැයි ලැබුණු ආරංචියක් අනුව එම යානය බ්‍රිතාන්‍යයේ මැන්චෙස්ටර් ගුවන් තොටුපොළට ගොඩ බැස්සවීය.

දෝහා සිට මැන්චෙස්ර් බලා ගමන් කරමින් තිබූ මෙම ගුවන් යානයේ පුපුරණ ද්‍රව්‍ය ඇතැයි ගුවන් නියමුවාට ලැබුණු තොරතුරකට අනුව මෙසේ යානය ගොඩබැස්සවීමට කටයුතු කර ඇතැයි විදෙස් වාර්තා සඳහන් කළේය.

කෙසේ වෙතත් යානයේ තිබී කිසිදු පුපුරණ ද්‍රව්‍යක් සොයා නොගත් බවත්, බොරු තොරතුර ලබාදුන් පුද්ගලයා අත්අඩංගුවට ගත් බ්‍රිතාන්‍ය බලධාරීහු කියති.

මේ බොරු තොරතුර නිසා මැන්චෙස්ටර් ගුවන් තොටුපොළේ කටයුතු තාවකාලිකව අත්හිටුවීමටද බ්‍රිතාන්‍ය බලධාරීහු කටයුතු කළහ.

මේ අතර සෞදි අරාබියා  ගුවන් සේවයට අයත් යානයක් පිලිපීනයේ ප්‍රධාන ජාත්‍යන්තර ගුවන් තොටුපොළේදී ගුවන් පථයෙන් පිටතට ගමන් කිරීමෙන් යානා 12 පමණ ගුවන් ගමන් ප්‍රමාද වූ බව පිලිපීනය කියයි.