කටාර් රාජ්‍යයේ එමීර්වරයා වන ෂෙයික් හමීඞ් බින් කලීෆා අල්තානි මහතා සිය බලතල පුතුට පැවරීමට තීරණය කර ඇත.
කටාර් එමීර්වරයා දෝහා අගනුවරදී එරට රජයේ උසස් නිලධාරින් පිරිසක් හමුවූ අවස්ථාවේදී මේ බව අනාවරණය කර ඇතැයි ප‍්‍රංශ සේවය වාර්තා කරයි.
තමන්ගේ බලතල උරුමක්කාරයකුට පැවැරීමේ සුදුසු කාලය දැන් එළැඹ ඇති බව ෂෙයික් හමීඞ් බින් කලීෆා අල්තානි එමීර්වරයා එම කටාර් බලධාරින් හමුවේ ප‍්‍රකාශ කර තිබේ.
තිස් තුන් වියේ පසුවන තම පුත් ෂෙයික් හමීම් මේ වන විට දේශපාලන කටයුතු පිළිබඳ නිපුණත්වයේ පසුවන අයකු බවත් එම පුළුල් දැනුම මෙම බලතල බාර ගැනීමට සුදුසුකම් වී ඇතැයි ද කටාර් එමීර්වරයා ප‍්‍රකාශ කර ඇත.
1995 දී කටාරයේ බලයට පත් එමීර් ෂෙයික් හමීඞ් බින් කලීෆා අල්තානි මහතා අන්තර්ජාතික වශයෙන් සියලූම රටවල් හා එක්ව දේශපාලන සහයෝගිතාවය පවත්වාගෙන ලෝක නායකයකු ලෙස පැසසුමට ලක්ව සිටී.
ඒ අනුව නව කටාර් එමීර්වරයා ලෙස ෂෙයික් තමීම් මහතා අද හෙට පත්වනු ඇතැයි ද වාර්තා වේ.
COMMENTS
ෂුවර් එකටම තාත්තා කළ දේ පුතා කලොත් කියලා බය වෙන්න ඇති (නි)
අනාගත බලාපොරොත්තු සිත දරා සිටින ශ්‍රීලාංකිකයන් මෙන් අනෙකුත් ජාතීන්ට යහපතින් යහපත සිදුවන්නට මෙතුමා තවත් දක්ෂ පාලකයෙක් වේවා කියා හදවතින්ම ප්‍රාර්ථනා කරමි. "ෂෙයික් හමීඞ් බින් කලීෆා අල්තානි" නොව "ශේඛ් හමඩ් බින් ඛලීෆා අල්තානි" ලෙස වෙනස් විය යුතුයි (අ)
හොද නායකයෙක් කටාර් රාජ්ජය ලොව පුරා ගෙන ගිය සියලු දෙනාටම සාදාරනව සලකපු ලොව අග්‍ර ඝනයේ නායකයෙක්. අපේ රටේ යන්න කිවත් නොයන ජන නායකයන්ට හොද ආදර්ශයක්.(නදී)
අපේ රටේත් එහෙම පවරන්න පුලූවන් නම් ... (නි)
ඔහු විශිෂ්ට නායකයෙක්. ඒ බව මේ රටේ ඉන්න අපි හොඳින් දන්නවා. ලෝකයේ පෝසත්ම රට බවට මේ රට පත් කලේ ඔහු විසිනි. ඔහුගේ පුතත් එම තත්වයටම ඒවි (නි)
ලොකු දියුණුවක් අරන් දුන්න නායකයෙක් තම හමඩ් ෂේක්.පොඩි රටක් වුනාට ලෝකෙට ලොකු නමක් අරන් ගියා.අපේ අයටත් ආදර්ශයක්. වෙන දේශපාලන නායකයෝ වගේ යද්දී පිටරට ගිණුම් වල සල්ලි පුරෝගෙන ගියේ නැහැ. පුතත් හොදට උගන්නලා අගමැතිකමේ කාලයක් තියලයි ගියේ.කටාර් වල හොදම අවදිය තමයි ෂේක් හමඩ් ගේ කාලය.පුතාටත් ඊටත් වැඩිය හොදක් කරන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා (නි)