රික්ටර් පරිමාණයේ ඒකක 6.0 ක ප්‍රබලත්වයක් සටහන් කළ භූමි කම්පාවකින් ගිණිකොනදිග ඕස්ට්‍රේලියාව කැලඹිණි.
භූමි කම්පාවේ අපිකේන්ද්‍රය පිහිටා ඇත්තේ වික්ටෝරියා ප්‍රාන්තයේ මැන්සිෆීල්ඩ් නගරය ආසන්නයේ යැයි ද පැවැසෙයි.
ඕස්ට්‍රේලියා මාධ්‍ය වාර්තා කළ අන්දමට, මෙල්බර්න් නගරය ද භූමි කම්පාවෙන් දෙදරා ගියේය.
මිලියන 5 ක ජනගහනයක් වෙසෙන මෙල්බර්න් ඕස්ට්‍රේලියාවේ විශාලතම නගරයයි. කොරෝනා හේතුවෙන් මෙල්බර්න් ලොක්ඩවුන් කර තිබේ.
භූමි කම්පාවෙන් ජීවිත හානි හෝ දේපල හානි හෝ සිදුවුණු බව වාර්තා නොවෙයි.
ඕස්ට්‍රේලියාවේ භූමි කම්පා හට ගැනීම සාමාන්‍යයෙන් සිදුවෙයි. ඒ, ඕස්ට්‍රේලියාව පිහිටා ඇත්තේ භූ තැටි මායිමකට ඉහළින් වීම නිසාය.
(රොයිටර්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd