මහ වැසි හේතුවෙන් මධ්‍යම චීනයේ ෂෙංෂූ නගරයේ උමං දුම්රිය මාර්ගයක් ජලයෙන් යටවුණු බවත්, එම උමං මාර්ගයේ ධාවනය වූ දුම්රියක සිටි මගීන් දුම්රිය මැදිරිවල සිරවුණු බවත් චීන මාධ්‍ය වාර්තා කළේය. දුම්රිය මැදිරිවල සිරවුණු පිරිස් බේරා ගැනීමේ මෙහෙයුම් කඩිනමින් ආරම්භ කෙරුණි.
උමං දුම්රිය මාර්ගයට ජලය කාන්දු වී ඇත්තේ අනපේක්ෂිත අයුරිනි. ජලයෙන් දුම්රිය මාර්ගය පිරී යද්දී, ධාවනය වෙමින් පැවැති මගී දුම්රිය නවත්වා ගැනීමට එහි රියැදුරා සමත් වූ බව පැවැසෙයි.
දුම්රිය මැදිරි තුළට ද වතුර කාන්දු වී ඒවා පිරී යෑමට පටන් ගත් අතර, මගීන් බියටත් කම්පනයටත් පත් වී කෑ කෝ ගසන්න වූ බව චීන මාධ්‍ය වාර්තා කළේය. චීන මාධ්‍ය මෙම තොරතුරු වාර්තා කළේ දුම්රියේ සිටි මගීන් දුරකතන මාර්ගයෙන් උදවු ඉල්ලා පොලිසියටත්, ඔවුන්ගේ පවුල්වල අයටත් දුන් පණිවුඩ ඇසුරිනි.
මෙම අකරතැබ්බට මුහුණ පෑවේ මධ්‍යම චීනයේ හෙනාන් පළාතේ ෂෙංෂූ නගරයේ උමං දුම්රිය මාර්ගය භාවිතයට ගත් මගීන් පිරිසකි. සිරවුණු මගීන් පිරිස මුදා ගැනීමට සහන සේවකයන්ට, කාලය සමඟ සටන් කිරීමට සිදුවිය.
නොකඩවා ඇදහැලෙන මහ වැසි හේතුවෙන් හෙනාන් පළාතේ ප්‍රදේශ රැසක් ජලයෙන් යටවී ඇති බව වාර්තා වේ. ෂෙංෂූ නගරයෙන් හරි අඩක් පමණ සම්පූර්ණයෙන් ජලයෙන් යටවී ගොස් ඇතැයි ද පැවැසෙයි.
ජල ගැලීම් හේතුවෙන් මියගිය ගණන 12 ක් බවත්, දහස් ගණනක් පීඩාවට පත්ව සිටින බවත් වාර්තා වේ. වගාබිම් සියල්ලම පාහේ මුළුමනින්ම විනාශ වී ගොස් තිබේ.
කාලගුණ විද්‍යාඥයන් පවසා ඇත්තේ හෙනාන් පළාතට වාර්ෂිකව ලැබෙන වර්ෂාව දින 3 ක් ඇතුළත ලැබී ඇති බවය. මීට පෙර මේ අයුරින් හෙනාන් පළාතේ වැසියන් අධික වර්ෂාව සහ ජල ගැලීම් නිසා පිඩාවට පත්වී ඇත්තේ මීට වසර 60 කට පෙරය.
(රොයිටර්)
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
උමං දුම්රියක් ජලයෙන් යටවී මගීහු මැදිරි තුළ සිරවෙති