උතුරු හා දකුණු කොරියානු නායකයෝ උතුරු කොරියාවේ අගනුවරදී අද (18) හමුවූහ. මේ ඔවුන් හමුවන දෙවැනි වතාව වන අතර නතරවී තිබූ න්‍යෂ්ටික අවිහරණ සාකච්ඡා නැවත ආරම්භ කිරීමට පසුබිම සකස් කිරීම සාකච්ඡාවේ අරමුණ බව සඳහන්ව ඇත.
ඇමරිකාව හා මැදිහත්කරුවකු ලෙස කටයුතු කිරීමත් අන්තර් කොරියානු සබඳතා වර්ධනය කිරීමත් දකුණු කොරියානු ජනපතිවරයාගේ අරමුණ වී ඇත
පසුගිය මාස කිහිපය තුළ දෙරටේ නායකයන් දෙවතාවක් හමුවූ අතර මෙවර කොරියානු අගනුවරදී දකුණේ නායකයෙකු එක්වන්නේ දශක ගනණාවකට පසුව බව පැවසේ.
දකුණු කොරියානු ජනපති මූන් ජේ ඉන් හා ඔහුගේ බිරිඳ කිම් ජූන් සූක් උතුරු කොරියාවේදී උණුසුම් ලෙස පිළිගනු ලැබූ අතර ඔවුන් තෙදින නිල සංචාරයක් නිරත වෙනු ඇති බව සඳහන් වේ.
(රොයිටර් පුවත් ඇසුරිනි - 085)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එකම ලේ. අධිරාජ්‍යවාදීන්ගේ වම දකුණ බෙදා ගැනීමේ සටනට හසුවුන එකම ජාතියක් කොරියානු යුද්ධයේදී දෙකට බෙදුනා. එක කොටසක් ධනවාදී ආර්ථිකයෙන් ලෝකයේ ආර්ථිකයේ 5 වෙනි මට්ටමේ සිටිද්දී අනෙක් සහෝදරයා දුගී බවේ අන්තයේම සිටින රටක්වුන නමුත් ඒ රටේ නායකයින් යුධ වියදම් සඳහා අසීමිත ලෙස වියදම් කරමින් න්‍යෂ්ටික බෝම්බ නිෂ්පාදනය කරමින් සිටිනවා. මේ රටවල් දෙක නැවත එක්වුනොත් ලෝකයේ ප්‍රභලම ජාතියක් වන එක නිසැකයි.