ඕනෑම වේලාවක, ඕනෑම තැනකදී උතුරු කොරියා නායක කිම් ජොන් උන් හෝ ඔහුගේ නියෝජිතයන් හමුවී, සාකච්ඡා පැවැත්වීමට ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන් සූදානම් බව ධවල මන්දිරය පවසයි.
ජනාධිපති බයිඩන්, උතුරු කොරියාව වෙනුවෙන් පත් කළ විශේෂ නියෝජිත සංග් කිම් මේ බව උතුරු කොරියානු රජයට පවසා ඇතැයි ද ධවල මන්දිරය වැඩි දුරටත් කියා සිටී.
ඇමෙරිකාව සමඟ සාකච්ඡා කරනවා ද, නැතිනම් ගැටුමට යනවා ද යන්න සම්බන්ධයෙන් තමන් තවමත් තීරණයක් ගෙන නැතැයි උතුරු කොරියා නායක කිම් ජොන් උන් පසුගිය දා පවසා තිබුණි.
විශේෂ නියෝජිත සංග් කිම් ඇමෙරිකාවේ ස්ථාවරය උතුරු කොරියාවට පැවැසුවේ එම අවස්ථාවේදීය.
බයිඩන්ට පෙර, ඇමෙරිකාවේ ජනාධිපති ධුරය හෙබවූයේ ඩොනල්ඩ් ට්‍රම්ප් ය.
ට්‍රම්ප් අවස්ථා කීපයකදී කිම් ජොන් උන් මුහුණට මුහුණ හමුවිය. න්‍යෂ්ටික අවිහරණයකට උතුරු කොරියා නායකයා එකඟ කර ගැනීමට ට්‍රම්ප් සමත් වුණු නමුත ඇමෙරිකාව සෑහීමකට පත් වන අයුරින් උතුරු කොරියාවේ න්‍යෂ්ටික අවිහරණයක් සිදු වූයේ නැත.
ඒ අනුව, දෙරට ඇතිකරගත් මිතුදම් ඉදිරියට යෑමක් සිදු නොවිණි. බයිඩන් ඇමෙරිකාවේ ජනපති ධුරයට පත් වෙද්දී පොරොන්දු වූයේ උතුරු කොරියා නායකයා හමුවී, ට්‍රම්ප් උතුරු කොරියාව සමඟ ආරම්භ කළ මිත්‍රත්වය දිගටම පවත්වා ගෙන යෑමට තමන් උත්සාහ ගන්නා බවය.
සෝල් නුවරදීය (රොයිටර්)
2025 දෙසැම්බර් මස 04
276
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
407
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
390
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
උතුරු කොරියා නියෝජිතයන් හමුවෙන්න ඇමෙරිකාව සූදානම්