බීජිංහිදීය (රොයිටර්)
උතුරු කොරියානු නායක කිම් ජොන්ග් උන් චීන ජනාධිපති ෂී ජින් පින්ග් හමු වී සාකච්ඡා පවත්වා ඇතැයි චීනයේ නිල පුවත් සේවය වන ‘ෂින්හුවා’ පුවත් සේවය අද (8) නිවේදනය කළේය.
උතුරු කොරියානු නායකයා චීන ජනාධිපතිවරයා හමු වී ඇත්තේ දාලියන් නැමැති චීන නගරයේ දීය.
උතුරු කොරියානු නායකයා චීනයට පැමිණ ඇත්තේ සඳුඳා (7) ය. උතුරු කොරියානු නායකයා සහ චීන ජනාධිපතිවරයා ඊයේ (7)ත් අද (8)ත් සාකච්ඡා පවත්වා තිබේ. කොරියානු අර්ධද්වීපයට දීර්ඝකාලීන සාමයක් ගෙන ඒම සහ කොරියානු අර්ධද්වීපය සම්පූර්ණයෙන්ම න්‍යෂ්ටික අවි වලින් තොර කලාපයක් බවට පත් කිරීම සම්බන්ධයෙන් නායකයන් දෙදෙනා මෙම සාකච්ඡා වලදී අවධානය යොමු කර තිබේ.
චීන ජනාධිපතිවරයා උතුරු කොරියානු නායකයා වෙනුවෙන් භෝජන සංග්‍රහයක් ද පවත්වා තිබෙන අතර ආර්ථික සංවර්ධනය වෙනුවෙන් උතුරු කොරියාව ගෙන ඇති උපායමාර්ගික පියවරට හැකි උපරිම සහාය දක්වන බවද චීන ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇතැයි ෂින්හුවා පුවත් සේවය වාර්තා කළේය.
වසර 2011 දී බලයට පත්වීමෙන් පසු උතුරු කොරියානු නායකයා පසුගිය මාර්තු මාසයේ දී චීනයේ සංචාරයක නිරත වූ අතර මෙම සංචාරය උතුරු කොරියානු නායකයාගේ දෙවැනි චීන සංචාරයයි.
055

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd