අභ්‍යාවකාශයේ අපද්‍රව්‍ය විනාශ කිරීමට අන්තර්ජාතික අභ්‍යාවකාශ මධ්‍යස්ථානයට ලේසර් කිරණ අවියක් සවිකිරීම සම්බන්ධයෙන් විද්‍යාඥයින්ගේ අවධානය යොමුව තිබේ.
මේ සම්බන්ධ පර්යේෂණ පති‍්‍රකාවක් ඉදිරිපත් කිරීමට දැනටමත් පියවර ගෙන තිබෙන අතර එය පසුපස සිටින්නේ ජපාන විද්‍යාඥයින් කණ්ඩායමකි.අන්තර්ජාතික අභ්‍යාවකාශ මධ්‍යස්ථානය හා සම්බන්ධ කර තිබෙන ජපානයට අයත් ඒයූඑස් ඕ දුරේක්ෂය මේ සදහා සහයට යොදාගත හැකි බව ඔවුන්ගේ අදහසවී ඇත.
ඔවුන්ගේ සැලැස්මට අනුව දුරේක්ෂයෙන් හදුනාගන්නා අභ්‍යාවකාශයේ ඇති අපද්‍රව්‍ය අනතුරුව ලේසර් කිරණ අවියෙන් විනාශ කිරීම සිදුවේ.
ගණන් බලා ඇති ආකාරයට මිනිසා එක් කරන ලද අපද්‍රව්‍ය 22000 කට අධික ප‍්‍රමාණයක් අභ්‍යාවකාශයේ පාවෙමින් තිබෙන අතර ඒවා අභ්‍යාවකාශයේ ස්ථාන ගත කර තිබෙන චන්ද්‍රිකා ආදියට මෙන්ම පහළ පෘථිවියටද තර්ජනයකි.මෙනිසා එවැනි අපද්‍රව්‍ය අභ්‍යාවකාශයෙන් ඉවත් කිරීම හෝ විනාශ කිරීම හෝ අනිවාර්යයෙන්ම සිදුකළ යුතු බව විද්‍යාඥ මතයයි.
2025 දෙසැම්බර් මස 04
528
1
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
479
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
419
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
උඩු ගුවන් කුණු කන්ද කන්න ලේසර් කටක්
දුමින්ද Tuesday, 21 April 2015 10:40 AM
මිනිසා=පරිසර දූෂක =විශ්ව දූෂක (ම)