ඊජිප්තුවේ පසුගිය වසරේ මාර්තු මාසයේ රාජ්‍ය විරෝධී උද්ඝෝෂණ ආරම්භ වූ අවස්ථාවේ, ආරක්ෂක අංශ යොදවා විරෝධතාකරුවන් මර්දනය කිරීමට අණ දීමත්, ඔවුන් ඝාතනය කිරීමට කුමන්ත‍්‍රණය කිරීමත් යන චෝදනාවලට වරදකරු වූ එරට හිටපු ජනපති හොස්නි මුබාරක්ට ජීවිතාන්ත සිර දඬුවමක් නියම කෙරිණි.
හිටපු මුබාරක්ගේ නඩු විභාගය පෙරේදා (2) කයිරෝ නුවරදී පැවැත්වුණු අතර පිළිකාවකින් පීඩා විඳින මුබාරක් කලින් අවස්ථාවලදී මෙන් මෙවරත් අධිකරණයට යොමු කෙරුණේ ගිලන් ඇඳ පිටින්ය. කයිරෝ අධිකරණයට 84 හැවිරිදි හිටපු ජනපති මුබාරක් රැගෙන එනු ලැබුවේ ද හෙලිකොප්ටරයක ආධාරයෙනි.
අරාබි වසන්තය ආරම්භ වීමෙන් පසු, ජනතා විරෝධය මැද පසුගිය වසරේ මාර්තු මාසයේදී බලයෙන් ඉවත් වීමෙන් පසු මුබාරක් ඔහුගේ පුතුන් දෙදෙනා මෙන්ම රජයේ උසස් නිලධාරීන් කීප දෙනකු අත්අඩංගුවට ගෙන කයිරෝ අගනුවර බන්ධනාගාරයක රඳවනු ලැබුණි. ඒ පසුගිය වසරේ අපේ‍්‍රල් මාසයේදීය.
මුබාරක් පිළිකා රෝගියකු බව හෙළි වූයේ ද එම අවස්ථාවේදීය. ඉන්පසු ඔහුට වෛද්‍ය ප‍්‍රතිකාර ලැබුණු අතර නඩු විභාග පැවැත්වෙද්දී ගිලන් ඇඳ පිටින් මුබාරක් අධිකරණයට රැගෙන එනු ලැබීය.
පෙරේදා පැවැති නඩු විභාගයේදී මුබාරක්ගේ රජයේ හිටපු අභ්‍යන්තර කටයුතු අමාත්‍ය හබීබ් අල් අද්ලිට ද ජීවිතාන්ත සිර දඬුවම් නියම විය. මුබාරක්ගේ පුතුන් දෙදෙනාට එරෙහි නඩු තීන්දුව ඉදිරි දින කීපයේදී ප‍්‍රකාශයට පත් කෙරෙනු ඇත. ඔවුන් දෙදෙනාට දුෂණ චෝදනා රැුසක් එල්ල වී තිබේ.
මුබාරක් පාලනය අවසන් වීමෙන් පසු නව ජනපතිවරයකු තෝරා ගැනීමේ අරමුණ ඇතිව පසුගියදා ඊජිප්තුවේ ජනපතිවරණයක් පැවැත්විණි. වසර ගණනකට පසු පැවැති නිදහස් ජනපතිවරණය වූයේ ද එයයි. එහි දෙවැනි වටය තව දින කීපයකින් පැවැත්වීමට නියමිතය.
1
6 ශ්‍රේණියේ මොඩියුල අවුල: රජයේ බුද්ධි සේවා කුමන්ත්රණකරුවන් ලුහුබඳියි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අරාබි වසන්තය නෙමෙයි.......අරාබි කුණාටුව...
රජකමි කෙරුවත් කලකමි පලදේ. ඇගලේ රුදිරේ කාගෙත් වැගිරේ. මේ ඔබට වගේ දුක මටද තියේ. ගිය වාරේ ඔබේ මේ වාරේ අපේ.
අධිරාජ්‍යවාදින්ට අතකොළු වෙලා ජනාධිපතිලා වෙන්න යන අයට හොද පාඩම්