බලයෙන් පහ කෙරුණු ඊජිප්තු ජනාධිපති මොහොමඞ් මොර්සිගේ අධාරකරුවන් කයිරෝ අගනුවර පිහිටුවා ගෙන තිබූ විරෝධතා කඳවුරට ඊයේ (15) පොලිස් ප‍්‍රහාරයක් එල්ල වූ අතර එයින් විරෝතාකරුවෝ 278 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ.
පොලිසියට අණ ලැබී තිබුණේ කඳවුරු බැඳගෙන සිටි මොර්සි ආධාරකරුවන් සහ මුස්ලිම් සහෝදරත්වය පක්ෂයේ ආධාරකරුවන් විසුරුවා හැරීමය.
කැරැලි මර්දන පොලිස් නිලධාරීන් විරෝධතා කඳවුරට පැමිණෙද්දී විරෝධතාකරුවන්ගෙන් ඊට බාධා එල්ල වූ අතර දෙපිරිස අතර දරුණු ගැටුම් හට ගැනිණ. පොලිසිය විරෝධතාකරුවන්ට වෙඩි තබා ඇත්තේ එම අවස්ථාවේදීය.
එම අවස්ථාවේදී 278 දෙනකු ජීවිතක්ෂයට පත් වූ බවත් 2,000 කට වැඩි විරෝධතාකරුවන් පිරිසක් තුවාල ලැබූ බවත් ඊජිප්තු පුවත් සේවා වාර්තා කරයි.
ගැටුම්වලින් පොලිස් නිලධාරීන් 43 දෙනෙක් ද තුවාල ලැබූහ. මියගිය පිරිස අතර මාධ්‍යවේදීන් තිදෙනෙක් ද වෙති. ඔවුන්ගෙන් දෙදෙනකු විදෙස් මාධ්‍යවේදීන් බව ද පැවැසෙයි.
මුස්ලිම් සහෝදරත්වය පක්ෂය චෝදනා කරන්නේ පොලිසිය සමූල ඝාතනයක් සිදු කළ බවය.
ජගත් මානව හිමිකම් සංවිධාන පවසන්නේ ඊජිප්තුවේ මානව හිමිකම් කඩවීම් ඉතා දරුණු ලෙස සිදුවන බවය. එක්සත් ජාතීන්ගේ සංවිධානය ඊජිප්තු අන්තර්වාර රජයෙන් ඉල්ලා සිටින්නේ රටේ සාමය ස්ථාපිත කිරීමට කඩිනමින් පියවර ගන්නා ලෙසය.
එසේම ඇතැම් විදෙස් මාධ්‍යය වාර්තා කර සිටියේ රටපුරා සිදුවු ප‍්‍රචණ්ඩ කි‍්‍රයා වලින් 525 දෙනෙක් ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.
|
ඊජිප්තු පොලිස් නිලධාරියෙක් විරෝධතාකරුවකුට පහර දෙමින් |
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඊජිප්තුවේ එහෙම උනත් ලංකාවේ එහෙම වෙන්නේ නෑ...... (ස)
මෙය අන්තර්ජාතික කුමන්ත්‍රණයක්. (ස)
දැන් 600 ඉක්මවලා මැරුණු පිරිස... (ස)
අර බන්දුල මහත්තයා බලලා කියන්න බලන්න මේක ගැන අදහසක් ඒ මහත්තයා හරිම බුද්ධිමත්. බන්දුල - මේ ගහන අයට මොළේ නැහැ. ගහනවා නම් මුලින්ම මාධ්‍යකරුවන්ට ගහල අයින් කරල දාන්න ඕනෙ. දන්නෙ නැත්තං ලංකාවෙ අයගෙන් අහන්න. කියයි ගහන විධිය හරියටම. (ස)
මේක අනිවාර්යයෙන් රජය පෙරළන්න බටහිර බලවතුන් කල කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක්.මේ පිටුපස සංවිධානාත්මක කණ්ඩායමක් සිටින බව පැහැදිලි. (ස)
ස්වභාවිකවම ඔවුන්ව කෙසේ හෝ පාලනය වෙනවා. (නි)
පැහැදිලියි. තුන්වන පාර්ශවයක අත පෙවීමක්. (නි)
මොනවා! මෙපමණ ගණනක් මරලා දවස් දෙකක් ඇතුළත? (නි)
ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් නැහැ, ජනතා බලයෙන් පත් වූ නායකයා නිවාස අඩස්සියේ. ඒකට විරුද්ධව ඔහුගේ ආධාරකරුවන් විදියට ආවා, බටහිර රටවල් කියන්නේ ජන මතයට අවස්ථාව දෙන්න කියලා. මේක අවාසනාවක්.මෙහම දිගටම ගියොත් විශාල අර්බුදයක් මුළු ලෝකෙම ඇතිවේවි (නි)
මේ කරන කියන දේවල් වල තේරුමක් නැහැ (නි)
අහනකොටත් බයයි (නි)