IMG-LOGO

2025 ඔක්තෝබර් මස 24 වන සිකුරාදා


ඊජිප්තු පොලිසියේ වෙඩි පහරින් විරෝධතාකරුවෝ 278 ක් මරුට

බලයෙන් පහ කෙරුණු ඊජිප්තු ජනාධිපති මොහොමඞ් මොර්සිගේ අධාරකරුවන් කයිරෝ අගනුවර පිහිටුවා ගෙන තිබූ විරෝධතා කඳවුරට ඊයේ (15) පොලිස් ප‍්‍රහාරයක් එල්ල වූ අතර  එයින් විරෝතාකරුවෝ 278 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ.

පොලිසියට අණ ලැබී තිබුණේ කඳවුරු බැඳගෙන සිටි මොර්සි ආධාරකරුවන් සහ මුස්ලිම් සහෝදරත්වය පක්ෂයේ ආධාරකරුවන් විසුරුවා හැරීමය.
කැරැලි මර්දන පොලිස් නිලධාරීන් විරෝධතා කඳවුරට පැමිණෙද්දී විරෝධතාකරුවන්ගෙන් ඊට බාධා එල්ල වූ අතර දෙපිරිස අතර දරුණු ගැටුම් හට ගැනිණ. පොලිසිය විරෝධතාකරුවන්ට වෙඩි තබා ඇත්තේ එම අවස්ථාවේදීය.

එම අවස්ථාවේදී 278 දෙනකු ජීවිතක්ෂයට පත් වූ බවත් 2,000 කට වැඩි විරෝධතාකරුවන් පිරිසක් තුවාල ලැබූ බවත් ඊජිප්තු පුවත් සේවා වාර්තා කරයි.
ගැටුම්වලින් පොලිස් නිලධාරීන් 43 දෙනෙක් ද තුවාල ලැබූහ. මියගිය පිරිස අතර මාධ්‍යවේදීන් තිදෙනෙක් ද වෙති. ඔවුන්ගෙන් දෙදෙනකු විදෙස් මාධ්‍යවේදීන් බව ද පැවැසෙයි.

මුස්ලිම් සහෝදරත්වය පක්ෂය චෝදනා කරන්නේ පොලිසිය සමූල ඝාතනයක් සිදු කළ බවය.

ජගත් මානව හිමිකම් සංවිධාන පවසන්නේ ඊජිප්තුවේ මානව හිමිකම් කඩවීම් ඉතා දරුණු ලෙස සිදුවන බවය.  එක්සත් ජාතීන්ගේ සංවිධානය ඊජිප්තු අන්තර්වාර රජයෙන් ඉල්ලා සිටින්නේ රටේ සාමය ස්ථාපිත කිරීමට කඩිනමින් පියවර ගන්නා ලෙසය.

එසේම ඇතැම් විදෙස් මාධ්‍යය වාර්තා කර සිටියේ රටපුරා සිදුවු ප‍්‍රචණ්ඩ කි‍්‍රයා වලින් 525 දෙනෙක් ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.
 

ඊජිප්තු පොලිස් නිලධාරියෙක් විරෝධතාකරුවකුට පහර දෙමින්

 



අදහස් (0)

ඊජිප්තු පොලිසියේ වෙඩි පහරින් විරෝධතාකරුවෝ 278 ක් මරුට

මොහොමඩ් කොනකපාල Friday, 16 August 2013 09:46 AM

ඊජිප්තුවේ එහෙම උනත් ලංකාවේ එහෙම වෙන්නේ නෑ...... (ස)

:       0       0

විමල් Friday, 16 August 2013 10:34 AM

මෙය අන්තර්ජාතික කුමන්ත්‍රණයක්. (ස)

:       0       0

විශ්ව Friday, 16 August 2013 11:04 AM

දැන් 600 ඉක්මවලා මැරුණු පිරිස... (ස)

:       0       0

චමීර Friday, 16 August 2013 11:09 AM

අර බන්දුල මහත්තයා බලලා කියන්න බලන්න මේක ගැන අදහසක් ඒ මහත්තයා හරිම බුද්ධිමත්. බන්දුල - මේ ගහන අයට මොළේ නැහැ. ගහනවා නම් මුලින්ම මාධ්‍යකරුවන්ට ගහල අයින් කරල දාන්න ඕනෙ. දන්නෙ නැත්තං ලංකාවෙ අයගෙන් අහන්න. කියයි ගහන විධිය හරියටම. (ස)

:       0       0

නලින් Friday, 16 August 2013 11:52 AM

මේක අනිවාර්යයෙන් රජය පෙරළන්න බටහිර බලවතුන් කල කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක්.මේ පිටුපස සංවිධානාත්මක කණ්ඩායමක් සිටින බව පැහැදිලි. (ස)

:       0       0

වීර Sunday, 18 August 2013 12:18 PM

ස්වභාවිකවම ඔවුන්ව කෙසේ හෝ පාලනය වෙනවා. (නි)

:       0       0

සුබේ Friday, 16 August 2013 12:49 PM

පැහැදිලියි. තුන්වන පාර්ශවයක අත පෙවීමක්. (නි)

:       0       0

ඕමාර් Friday, 16 August 2013 01:58 PM

මොනවා! මෙපමණ ගණනක් මරලා දවස් දෙකක් ඇතුළත? (නි)

:       0       0

විශ්ව Friday, 16 August 2013 02:27 PM

ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් නැහැ, ජනතා බලයෙන් පත් වූ නායකයා නිවාස අඩස්සියේ. ඒකට විරුද්ධව ඔහුගේ ආධාරකරුවන් විදියට ආවා, බටහිර රටවල් කියන්නේ ජන මතයට අවස්ථාව දෙන්න කියලා. මේක අවාසනාවක්.මෙහම දිගටම ගියොත් විශාල අර්බුදයක් මුළු ලෝකෙම ඇතිවේවි (නි)

:       0       0

සුදත් Sunday, 18 August 2013 03:25 AM

මේ කරන කියන දේවල් වල තේරුමක් නැහැ (නි)

:       0       0

සිල්වා Sunday, 18 August 2013 03:30 AM

අහනකොටත් බයයි (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1344 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1260 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 460 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site