ඉරාකයේ සිටින ඇමෙරිකානු හිතවාදී කණ්ඩායමක් ඉලක්ක කරගනිමින් එල්ල කරන ලද ප්‍රහාරයකින් සටන්කාමීන් 25 දෙනකු මියගොස් ඇතැයි වාර්තා වේ.
මෙම සිදුවීමත් සමඟ ඇමෙරිකාව සහ ඉරානය අතර මතභේදාත්මක තත්ත්වය තවත් උග්‍ර අතට හැරී ඇතැයි තිබෙන අතර ඉරිදා රාත්‍රියේදී ඇමෙරිකානු හමුදා ඉරානයේ සහාය ලබන හිස්බුල්ලා සටන්කාමීන් ඉලක්ක කරගනිමින් ගුවන් ප්‍රහාර එල්ල කළේය.
හිස්බුල්ලා බ්‍රිගේඩයේ සටන්කාමීන් යනු ඉරානයේ සහාය ලබන හෂීද් අල් ෂාබී කණ්ඩායමේ උග්‍ර අන්තවාදී කණ්ඩායමකි.
ගුවන් ප්‍රහාරයෙන් 25 දෙනකු මියගොස් 51 දෙනකු තුවාල ලැබූ බවත් මියගිය ගණන තවදුරටත් ඉහළ යා හැකි බවත් හෂීද් සංවිධානයේ ආරංචි මාර්ගවලින් කියැවිණි. හෂීද් සංවිධානයේ ඉරාකයේ විශාල භූමි ප්‍රදේශයක් පාලනය කරයි.
සිරියාවට මායිම් වන ඉරාකයේ අල්කයිම් දිස්ත්‍රික්කයේ කඳවුරකට මෙම ගුවන් ප්‍රහාර එල්ල වී තිබෙන අතර සුන්බුන් අතරින් තුවාල ලැබූවන් මුදා ගනිමින් සිටින බව ද එම සංවිධානය සඳහන් කළේය. ගුවන් ප්‍රහාරවලින් සංවිධානයේ අණ දෙන නිලධාරීන් ද මියගොස් ඇතැයි වාර්තා විය.
ඒ.එෆ්.පී.
055

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd