IMG-LOGO

2024 ජුලි මස 20 වන සෙනසුරාදා


ඉරාන යුද නැව් ඇමෙරිකා දොරකඩ

ඇමරිකා එක්සත් ජනපදයේ මුහුදු සීමාව ආසන්නයටම තම යුද නෞකා මෙහෙයවීමට ඉරානය කටයුතු කරමින් සිටින්නේයැයි වාර්තා වේ.

මෙසේ කරනුයේ යුද්ධයක් සදහා අරඇදීමක් ලෙස නොව ගල්ෆ් කලාපයේ ඇමරිකා නාවික ක්‍රියාකාරකම් පිළිබඳව තමනුත් ඇස ගසාගෙන සිටින්නේයැයි ඇමරිකාවට පෙන්වීමට බව ඉරානය කියයි.

මේ වන විටත් ඉරාන ප්‍රහාරක නෞකාවක් හා ඊට ආධාර පිණිස ආධාරක නෞකාවක් ඇමරිකා මුහුදු සීමාව කරා ගමන් කරමින් තිබේ.

බටහිර බලවතුන් හා පසුගිය වසරේ අගභාගයේදී එළැඹි ගිවිසුම අනුව ඉරානය තම න්‍යෂ්ඨික වැඩපිළිවෙළට සීමා පැනැවීමට කටයුතු කළ අතර ඊට ප්‍රතිචාර ලෙස ඉරානයට පනවා තිබූ සම්බාධක ළිහිල් කිරීමට බටහිර රටවල් කටයුතු මේ වන විට කටයුතු කර ඇත.

නමුත් බටහිර රටවල් කෙරෙහි දරන ආකල්පයේ කිසිදු වෙනසක් සිදුවී නැති බව ඉරානයේ මෙවන් ක්‍රියාකාරකම් වලින් පෙනී යන කරුණකි.

සම්බාධක ළිහිල් වීම හා බටහිර රටවල් අරබයා ඉරානයේ ඉස්ලාම් විප්ලවය සිදුවී වසර 35 ක් ගෙවුණු පසුගියදා විශේෂ කතාවක්  කළ ඉරානයේ අධ්‍යාත්මික නායක අයතුල්ලා අල් කුමේනී ඉරානය බටහිර රටවලට එරෙහිව කටයුතු කරන්නේ අන් කිසිදෙයක් නිසා නොව ඔවුන් මුළු ලොවේම කටයුතු සිදුවිය යුත්තේ ඔවුන්ට වුවමනා ලෙස යැයි සිතා සිටීම නිසා යැයි පැවසුවේය.බටහිර රටවල නායකයින් තමන් ඉරානයේ පාලන තන්ත්‍රය වෙනස් කිරීමට අදහස් නොකරන්නේයැයි පැවසුවද ඔවුන්ට අවශ්‍ය වී තිඛෙන්නේත් එයම බවත් මෙනිසා ඔවුන් මත නොයැපී රටේ ආර්ථීකය ගොඩනැගීමට දේශීයව සපයා ගත හැකි සම්පත් යොදා ගත යුතුව ඇති බවත් ඔහු කීවේය.



අදහස් (0)

ඉරාන යුද නැව් ඇමෙරිකා දොරකඩ

බණ්ඩා Wednesday, 12 February 2014 11:05 PM

අනේ ඔය මෝඩයන්ගේ නැව් 2 කට කරදර කරන්න එපා ..... (දී)

:       18       0

ලක්සිත Saturday, 15 February 2014 01:19 AM

අපි ඉරානයත් එක්ක.(නදී)

:       0       5

මල්වාන Tuesday, 11 February 2014 08:06 PM

ඇමරිකාව අත හැරලා එක්සත් ජාතීන්ගේ සංවිධානය වෙනුවට වෙනත් සංවිධානයක් හදමු (අ)

:       0       4

සමන්ති Thursday, 13 February 2014 05:24 AM

අපත් දේශීය වෙලා ඉන්නේ .බලන්න චීන ජාතිකයන් කරපු ආපනසාලා වෙනුවට දැන් අපිට අපේම "චය්නීසී රෙස්ටුරන්ට්" තියෙනවානේ . උගුර කඩාගෙන සිංහලෙන් සමහරු කෑගාවට ගමන පයින් (අ).

:       0       0

චන්දන Monday, 10 February 2014 05:01 PM

සහතික ඇත්ත!!! (දී)

:       0       0

අබ්දුල් Wednesday, 12 February 2014 03:32 PM

ඔය ඇමරිකාවට ගහන්නයි තියෙන්නේ.(නදී)

:       0       3

මොහාන් Thursday, 13 February 2014 07:19 AM

මමනම් හිතන්නේ ඉරනයට තවම ශක්තිය මදි කියලා. හේතුව ඇමරිකාව තවත් ශක්තිමත් වෙන එක තමයි.(නදී)

:       0       0

කෙනත් Tuesday, 11 February 2014 10:14 PM

කතාවනම් ඇත්ත තමයි, නමුත් මේ යවපු නැව් දෙක යුදමය ශක්තිය අතින් ඇමෙරිකානු නාවික බලය සමග සංසන්දනය කරනවා තබා හිතන්නවත් බැහැ. ඇමෙරිකාවේ මාධ්‍යවල මේ ගැන සදහන් උනේ වැඩිහිටියන්ගේ අවදානය ගන්න කුඩා දරුවෙක් දග වැඩ කරනවා වගේ කියලා.(නදී)

:       0       0

සවිත්‍රී Friday, 14 February 2014 01:54 PM

තවත් ලොකු යුද්ධයක් ඇත ලඟයි කියලයි මට හිතෙන්නේ (දී)

:       0       0

රූපසිංහ Wednesday, 12 February 2014 04:44 PM

මල්වාන එක නම් නියම වැඩේ. නමුත් එහෙම කරන්න ගියොත් ඒකත් හරියටම පසුගියදාජයත්‍යන්තර ක්‍රිකට් සම්මේලනයේ ජන්දයේ දී අපිත් එක්ක පකිස්තානය තනි උනා වගේ වේවිද දන්නේ නැහැ. (දී)

:       0       0

චන්ද්‍ර වීරසිංහ Wednesday, 12 February 2014 01:53 AM

මම නම් ලෑස්තියි. (ත)

:       0       0

සමන් Saturday, 15 February 2014 07:00 PM

කට්ටිය හීන දකිනවා.(නදී)

:       0       0

නසාර් Wednesday, 12 February 2014 10:39 AM

ලෝකේ විනාසේ. ඉරානෙන් සහ ඇමරිකාවෙන් දෙගොල්ලම ඉවසුවොත් තව අවුරුදු 400 ක් කල්පවති.(නදී)

:       0       0

රාජුන් Wednesday, 12 February 2014 11:11 AM

ඉරානය කියන කතාව අපිටත් හරි. (නදී)

:       0       0

ජාගුරු Tuesday, 11 February 2014 04:31 PM

රටේ ආරක්ෂාව රැකගන්න දේශීය ආර්ථිකය නංවන්න ඕනේ කියන එක හරි වැදගත් අපිටත්. බටහිරින් රටවල් බෙදන්න ආණ්ඩු වෙනස් කරන්න හදන එක ට මූණ දෙන්න ඕනේ එහෙමයි. කියන ඒවාට හා කියල උදවු ගන්න ක්‍රමය භයානකයි.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ඔබාමා බයිඩන්ට ඉවත් වෙන්නැයි කියයි
2024 ජුලි මස 19 201 0

ජනාධිපති සටනින්, වත්මන් ජනාධිපති ජෝ බයිඩන් ඉවත් වී, වෙනත් සුදුස්සකු ඩිමොක්‍රටික් පක්ෂ ජනාධිපති අපේක්ෂකයා ලෙස ජනාධිපතිවරණයට ඉදිරිපත් විය යුතු යැයි තම


ඉන්දියාවේ මගී දුම්රියක් පීලි පනී
2024 ජුලි මස 19 36 0

ඉන්දියාවේ උත්තර ප්‍රදේශ් ප්‍රාන්තයේ මගී දුම්රියක් පීලි පැනීමෙන් දෙදෙනකු ජීවිතක්ෂයට පත්වුණු බව වාර්තා වේ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.


චිලියට භූමි කම්පාවක්
2024 ජුලි මස 19 44 0

ලතින් ඇමෙරිකාවට අයත් චිලී රාජ්‍යය ප්‍රබල භූමි කම්පාවකින් කැලැඹිණි. භූමි කම්පාව රික්ටර් පරිමාණයේ ඒකක 7.4 ක ප්‍රබලත්වයක් සටහන් කළේය.


ටෙල් අවීව් නුවරට ඩ්‍රෝන ප්‍රහාරයක්
2024 ජුලි මස 19 79 0

ඊශ්‍රායලයේ ටෙල් අවීව් නුවරට නියමුවන් රහිත ඩ්‍රෝන යානා ප්‍රහාරයක් එල්ල විය. ප්‍රහාරයෙන් එක් ඊශ්‍රායල වැසියකු මියගිය බවත් 10 දෙනකු තුවාල ලැබූ බවත් වාර්ත


ට්‍රම්ප් ජනපති වුණොත් අපි ඉවරයි - සෙලෙන්ස්කී
2024 ජුලි මස 19 122 0

ඇමෙරිකන් ජනාධිපතිවරණයෙන් රිපබ්ලිකන් පක්ෂ අපේක්ෂක ඩොනල්ඞ් ට්‍රම්ප් ජයග්‍රහණය කළොත්, එය යුක්රේනයට විශාල අවාසියක් බව යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙල


බංග්ලාදේශ ජාතික රූපවාහිනිය ගිනිගනී
2024 ජුලි මස 19 3769 7

බංග්ලාදේශ අගමැතිනී ෂෙයික් හසීනා සහ රජයට එරෙහි විරෝධතා දක්වන ප්‍රචණ්ඩකාරී විරෝධතාකරුවෝ, ඩකා අගනුවර බංග්ලාදේශ ජාතික රූපවාහිනිය පිහිටි ගිනි තැබූහ.


මේවාටත් කැමතිවනු ඇති

වැලිබල් ෆිනෑන්ස්, ශක්තිමත් මූල්‍ය ප‍්‍රතිඵලයක් වාර්තා කරයි 2024 ජුලි මස 13 146 0
වැලිබල් ෆිනෑන්ස්, ශක්තිමත් මූල්‍ය ප‍්‍රතිඵලයක් වාර්තා කරයි

වැලිබල් ෆිනෑන්ස් ගෙවුණු වසර 17ක කාලය පුරාවට ශ‍්‍රී ලංකාවේ මූල්‍ය ආයතනයන් අතර ප‍්‍රමුඛස්ථානයක් හිමි කර ගනිමින් 2023/24 මූල්‍ය වර්ෂයේදී සිය මූල්‍ය විශිෂ්ටත

ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම” 2024 ජුනි මස 20 1025 0
ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම”

බුදුරජාණන්වහන්සේගේ, ශිව දෙවියන්ගේ, ආදම්ගේ සහ ශාන්ත තෝමස් අපෝස්තුළුතුමාගේ පා සටහන යනාදී වශයෙන් විවිධ ආගමික සම්ප්‍රදායන් මුල් කරගනිමින් ශ්‍රී පාද ස්ථ

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 1899 1
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

Our Group Site