මූලෝපායික වශයෙන් වැදගත් හෝමූස් සමුද්‍ර සන්ධියේ සිදු කෙරෙන නාවික යුධ අභ්‍යාසයේදී ඊයේ (01) ඉරාන නාවික හමුදාව මැදි දුර, ගොඩබිමේ සිට ගුවනට එල්ල කළ හැකි මිසයිලයක් අත්හදා බැලීය. නවීන තාක්ෂණයෙන් හෙබි එම මැදි දුර මිසයිලය රේඩාර් පද්ධතිවලට හසුනොවී මිසයිලයේ කි‍්‍රයාකාරීත්වයට බාධා පැමිණවිය හැකි පද්ධති මග හරිමින් නිශ්චිත ඉලක්කය කරා ගමන් කිරීමේ හැකියාවෙන් යුක්ත වන බව ඉරාන නාවික හමුදාවේ ප‍්‍රකාශකයෙකු පැවසීය. ඉරානයේදී නිර්මාණය කළ මෙම මිසයිලය අත්හදා බැලූ ප‍්‍රථම අවස්ථාව එය බව ඔහු වැඩි දුරටත් කියා සිටියේය. මිසයිලය පරීක්ෂාවට ලක් කළේ කොතැනක සිට දැයි තවමත් ඉරාන නාවික හමුදාව හෙළි කර නැත. ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහන සම්බන්ධයෙන් දැඩි බලපෑමක් බටහිර රටවලින් එල්ල වන අවස්ථාවේදී ඉරානය සිය යුධමය හැකියාවන් ප‍්‍රදර්ශනය කිරීමට දස දින නාවික අභ්‍යාසය අරඹා ඇත. ඉරානය ඇරඹූ නාවුක යුධ අභ්‍යාසයත් සමග හෝමූස් සමුද්‍ර සන්ධිය කෙරෙහි බටහිර රටවල විශේෂ අවධානය යොමු වී ඇති අතර ලෝක තෙල් පරිවහනයෙන් සියයට 20ක් සිදු කෙරෙන එම මුහුදු මාර්ගය යම් අයුරකින් ඉරානය වසා දැමුවහොත් එය ලෝක තෙල් මිල කෙරෙහි සැලකිය යුතු බලපෑමක් ඇති කරනු ඇති බව දේශපාලන විශ්ලේෂකයන්ගේ මතයයි.
1
6 ශ්‍රේණියේ මොඩියුල අවුල: රජයේ බුද්ධි සේවා කුමන්ත්රණකරුවන් ලුහුබඳියි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd