ඉරානයට එරෙහිව පනවා ඇති සම්බාධක ලිහිල් නොකරන්නැයි ඊශ‍්‍රායල අගමැති බෙන්ජමින් නෙදන්යාහු ඊයේ (7) ඇමෙරිකාවෙන් සහ සෙසු බටහිර රටවලින් ඉල්ලා සිටියේය.
ඇමෙරිකාවේ හිතවතා මෙන්ම ඉරානයේ සතුරා ද වන ඊශ‍්‍රායලය එම ඉල්ලීම කරමින් යළිත් වරක් අවධාරණය කළේ ඉරානය ඔවුන්ගේ න්‍යෂ්ටික වැඩසටහනට මුවා වී පරමාණු බෝම්බ නිපදවන බවය.
ඊශ‍්‍රායල අගමැති නෙදන්යාහු ඇමෙරිකාව ප‍්‍රමුඛ බටහිර රටවලින් එම ඉල්ලීම කළේ ඉරාන නව ජනපති ලෙස රොහානී පසුගිය දා දිවුරුම් දුන් අවස්ථාවේදී, සම්බාධක යොදා තර්ජනය කිරීමෙන් වළකින්නැයි ඇමෙරිකාවට පැවසීමෙන් පසුවය.
සම්බාධක යොදා තර්ජනය නොකර, පවතින අර්බුදය සාකච්ඡුා මාර්ගයෙන් විසඳා ගන්න කටයුතු කරන්නැයි රොහානී එම අවස්ථාවේදී ඇමෙරිකාව ප‍්‍රමුඛ බටහිර රටවලින් ඉල්ලා සිටියේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම නම් සර්ව බලදාරී සංකල්පය පිළිගන්නෙ නැහැ (නි)
මට දෙයියෝ දුන්න දේකුත් නැහැ,දැකලත් නැහැ,කතා කරලත් නැහැ,නමුත් මම උත්සාහයෙන් දියුණු වෙමින් ඉන්නේ. (නි)
මව් කුසේ මාස හතර වෙන කොටම දෙවියන් විසින් අපට ලැබෙන්න ඕනදේ ලියලා ඉවරයි නුබලා කව්ද සම්බාදක දාන්න. (අ)