IMG-LOGO

2025 ඔක්තෝබර් මස 20 වන සඳුදා


ඉරාක යුද්ධයේදී සිරියාවට පැමිණි සරණාගතයෝ නැවතත් ඉරාකයට

ඇමෙරිකාව 2003 වසරේදී ඉරාකය ආක‍්‍රමණය කළ අවස්ථාවේදී සිරියාවේ සරණපතා පැමිණි දහස්ගණනක් වූ ඉරාක සරණාගතයින් මේ වන විට රට තුළ හටගෙන ඇති බිහිසුණු සටන් හේතුවෙන් නැවත ඉරාකයට පළායමින් සිටින බව වාර්තා වේ. සිරියාවේ හට ගෙන ඇති ගැටුම් ඉකුත් සති කිහිපය තුළ උත්සන්න වූ අතර පෙරේදා(21) එරට රජයේ හමුදා සහ කැරැුලිකරුවන් අතර ඇති වූ ගැටුම්වලින් 130 දෙනකු ජීවිතක්ෂයට පත් වූ බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි. මෙසේ ගැටුම් දරුණු අතට පත්ව ඇත්තේ එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලය සිරියාවේ නිරීක්ෂණ කටයුතු දින 30කින් දීර්ඝ කිරීමට තීරණය කිරීමත් සමඟය. මෙසේ ඩමැස්කස් නුවර ගැටුම් උග‍්‍ර අතට හැරීමත් සමඟ දහස්ගණන් සිරියානුවන් සහ ඉරාක යුද්ධය පැවැති සමයේ දී සිරියාවට පැමිණි සරණාගතයින් එරටින් පළායමින් සිටින බව වාර්තා වේ. ඒ අනුව මේ වන විට ඉරාක සරණාගතයින් දහසක් ගුවන් මඟින් ඉරාකයට පැමිණ ඇති බවත් තවත් එක්දහස් පන්සියයක පිරිසක් ඉරාකයට පැමිණීමේ අපේක්ෂාවෙන් ඩමැස්කස් ගුවන්තොටුපොළේ රැඳී සිටින බවත් වාර්තා වේ. මීට අමතරව සිරියාවට යාබදව පිහිටි ලෙබනනයට තිස්දහසක පමණ පිරිසක් ද තුර්කියට 43,000ක පිරිසක් ද පසුගිය දෙදින තුළ පළා ගොස් ඇති බවත් මේ වන විට 140,000ක පමණ සිරියානුවන් පිරිසක් ජෝර්දානයේ සරණාගත කඳවුරුවල වෙසෙන බවත් ප‍්‍රංශ පුවත් සේවය වාර්තා කරයි. මේ අතර ඉරාක/සිරියා දේශසීමා ප‍්‍රවේශ මාර්ග තුනෙන් දෙකක් සිරියානු කැරැුලිකරුවන් විසින් මේ වනවිට අත්පත් කරගෙන ඇති බව ඉරාක හමුදා ප‍්‍රකාශකයෙක් පැවැසීය. ඉන් යරිබියා දේශසීමා මාර්ගය පෙරේදා(21) අත්පත් කර ගත් කැරැලිකරුවන් හට නිදහස් සිරියානු හමුදාවේ නිලධාරීන් ප‍්‍රකාශ කළේ  දේශසීමා මාර්ගය හරහා සරණාගතයන්ට ඉරාකයට යාමට ඉඩ නොදෙන ලෙසයි. සිරියා ජනපති බෂීර් අල් අසාද්ගේ පාලනය විරුද්ධව නැඟී සිටින්නේ ඉතා සුළු පිරිසක් බවත් එරට ජනගහනයෙන් අඩක් අසාද්ගේ පාලනයට එරෙහිව නැඟී සිටියානම් පැය 24ක් ඇතුළත රටේ පාලනය වෙනස් කළ හැකි බවත් දේශපාලන විශ්ලේෂකයෝ පවසති. සිරියාවේ සිට ඉරාකයට පැමිණි සරණාගතයින් පිරිසක්....



අදහස් (0)

ඉරාක යුද්ධයේදී සිරියාවට පැමිණි සරණාගතයෝ නැවතත් ඉරාකයට

ලක්මාල් Monday, 23 July 2012 12:33 PM

"සිරියා ජනපති බෂීර් අල් අසාද්ගේ පාලනය විරුද්ධව නැඟී සිටින්නේ ඉතා සුළු පිරිසක් බවත් එරට ජනගහනයෙන් අඩක් අසාද්ගේ පාලනයට එරෙහිව නැඟී සිටියානම් පැය 24ක් ඇතුළත රටේ පාලනය වෙනස් කළ හැකි බවත්" මේ කියල තියෙන එකේ තේරුම මොකක්ද?? එතකොට කාටද හරියටම ජනාධිපති අසාද් ට රටේ පාලනය හරියට කරන්න උදවු කරන්න පුළුවන්? (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1045 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1080 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 417 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site