IMG-LOGO

2025 දෙසැම්බර් මස 10 වන බදාදා


ඉරාකයේ නගර කිහිපයකට එල්ල වූ බෝම්බ ප‍්‍රහාරවලින් 38ක් මරුට

මධ්‍යම ඉරාකයේ ජනාකීර්ණ ස්ථානයකදී පෙරේදා(3) ට‍්‍රක් රථයක අටවන ලද බෝම්බයක් පුපුරා යාමෙන් 26 දෙනකු ජීවිතක්ෂයට පත් වූ බවත් රට තුළ හට ගෙන ඇති නොසන්සුන්කාරී වාතාවරණය හේතුවෙන් ප‍්‍රදේශ කිහිපයක සිදු වූ බෝම්බ පිපිරීම් හේතුවෙන් තවත් 12 දෙනකු ජීවිතක්ෂයට පත්ව ඇති බවත් වාර්තා වේ. එළඹෙන සිකුරාදා දිනයේදී පැවැත්වීමට නියමිත ෂියා ආගමික උත්සවයකට සහභාගී වීමට පැමිණෙන ෂියා බැතිමතුන් ඉලක්ක කරගෙන මෙම ප‍්‍රහාර එල්ල වී තිබෙන බවත් මෙම ගැටුම් හේතුවෙන් සියයකට අධික පිරිසක් තුවාල ලබා ඇති බවත් ඉරාක ආරක්ෂක අංශ නිලධාරියෙක් පැවැසීය. බැග්ඩෑඞ් නුවරට දකුණින් පිහිටි ඩිවනියා නගරයේ වෙළෙඳපොළක් ආසන්නයේදී ට‍්‍රක් රථයේ ඇට වූ බෝම්බය පුපුරා ගොස් ඇත. සිද්ධියෙන් ඒ අසල සිටි 26 දෙනකු ජීවිතක්ෂයට පත්ව 50 දෙනකු තුවාල ලබා ඇති බවත් වාර්තා වේ. මේ සිද්ධියෙන් අනතුරුව ලක්ෂ හතරකට අධික ජනතාවක් වාසය කරන ඩිවනියා නගරයට ඇඳිරි නීතිය පැනවූ බව ද ඔහු සඳහන් කළේය. මෙම ප‍්‍රහාරවලට අමතරව කර්බාලා, ටාජි සහ ටුස් කුර්මාටු යන ප‍්‍රදේශවලින් ද බෝම්බ පිපිරීමේ සිද්ධි වාර්තා වන බව ඉරාක ආරක්ෂක අංශ පවසයි. ‘කර්බාලා නගරයට විශාල පිරිසක් මේ වන විට පැමිණෙමින් සිටිති. අල් කයිඩා සටන්කාමීන් සහ අන්තාවාදී පිරිස් ජනවාර්ගික ගැටුම් ඇවිලවීමේ අරමුණින් මෙම ප‍්‍රහාර එල්ල කරනවා’ යැයි විදෙස් විශ්ලේෂකයෙක් වන ජෝන් ඩ්‍රේක් සඳහන් කළේය.



අදහස් (0)

ඉරාකයේ නගර කිහිපයකට එල්ල වූ බෝම්බ ප‍්‍රහාරවලින් 38ක් මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 481 1
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 468 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 417 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site