IMG-LOGO

2025 දෙසැම්බර් මස 11 වන බ්‍රහස්පතින්දා


ඉම්රාන් ඛාන් කැනඩා ගුවන්තොටේ හිර වෙයි

ඇමෙරිකානු හමුදාව නියමුවන් රහිත ඩ්‍රෝන යානා යොදා ගනිමින් එල්ල කරන මිසයිල ප‍්‍රහාරවලට දැඩි ලෙස විරෝධය දක්වන පාකිස්තානයේ හිටපු නායකයකු මෙන්ම වත්මන් පාකිස්තාන දේශපාලනයේ ප‍්‍රබල දේශපාලන තරුවක ද වී සිටින ඉම්රාන් ඛාන්, පෙරේදා (27) කැනඩාවේ ටොරොන්ටෝ නුවර ගුවන් තොටුපොළේදී ඇමෙරිකානු ආගමන විගමන පරීක්ෂකවරුන්ගේ ප‍්‍රශ්න කිරීම්වලට ලක් වූයේය. එම අවස්ථාවේ ඉම්රාන් කාන් කැනඩාවේ ටොරොන්ටෝ නුවර ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ සිට ඇමෙරිකාවේ නිව්යෝක් නුවර බලා පියාසර කිරීමට ගුවන් යානයක අසුන් ගෙන සිටියේය. යානය පිටත් වීමට ඔන්න මෙන්න තිබියදී කල්තියා දැනුම් දීමක් නොකර ගුවන් තොටුපොළ ආරක්ෂක නිලධාරීන් පිරිසක් ඊට ගොඩ වී ඉම්රාන් ඛාන් යානයෙන් බස්සවා ඔහු ගුවන් තොටුපොළේ සිටි ඇමෙරිකානු ආගමන විගමන පරීක්ෂකවරුන්ට බාර දී ඇත. එම පරීක්ෂකවරුන් ඉම්රාන් ඛාන්ගෙන් ප‍්‍රශ්න කර ඇත්තේ ඇමෙරිකානු හමුදාව සිදු කරන ඩ්‍රෝන යානා ප‍්‍රහාර ගැනත් ඔහු ඊට එරෙහිව අදහස් පළ කිරීම ගැනත්ය. ඇමෙරිකානු හමුදාව අල් කයිඩා සහ තලේබාන් වැනි ඉස්ලාමීය සටන්කාමීන් ඉලක්ක කර ගනිමින් නියමුවන් රහිත ඩ්‍රෝන යානා යොදා ගනිමින් ඇෆ්ගන්/පකිස්තාන දේශසීමාවේ පාකිස්තානයට අයත් ගෝති‍්‍රක ප‍්‍රදේශවල සිදුකරන මෙහෙයුම්වලදී සිවිල් වැසියන් මියයෑමට ඛාන් සහ ඔහුගේ ‘තරීක් ඊ ඉන්සාෆ්’ පක්ෂය දැඩි ලෙස විරෝධය පළ කරයි. මේ වනවිට කාන්ගේ ‘තරීක් ඊ ඉන්සාෆ්’ පක්ෂය පාකිස්තානයේ ප‍්‍රබල දේශපාලනය පක්ෂයක් බවට පත්ව ඇත.  තලේබාන් සටන්කාමීන් ඉලක්ක කර ගනිමින් ඩ්‍රෝන යානා යොදා ගනිමින් ඇමෙරිකාව කරන ප‍්‍රහාරවලට ඛාන් විරෝධය පළ කළත් ඔහු තලේබාන් සංවිධානයේ ද ඉලක්කයක් වී ඇත. තලේබාන් සංවිධානය ඛාන්ගේ දේශපාලන ප‍්‍රතිපත්ති අනුමත නොකරන අතර ඔහු මරා දැමීමට මරාගෙන මැරෙන බෝම්බකරුවන් ද එවන බවට තර්ජනය කර ඇත. මෙම මස ආරම්භයේ දී ඛාන් දහස් ගණනක් ඔහුගේ පක්ෂ ආධාරකරුවන් පිරිවරාගෙන පාකිස්තාන ගෝති‍්‍රක ප‍්‍රදේශවල රිය පෙරහරකින් යමින් ඇමෙරිකා ඩ්‍රෝන යානාවලින් අහිංසක සිවිල් වැසියන් මියයෑමට එරෙහිව දැවැන්ත විරෝධතා රැලියක් ද පැවැත්වීය. තලේබාන් සටන්කාමීන් එම රැලියට ද විරෝධය පළ කර සිටියේය. ඉම්රාන් ඛාන් තම නිලධාරීන් විසින් පැය කීපයක් රඳවාගෙන ප‍්‍රශ්න කළේ යැයි ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව ද සනාථ කර ඇත. කෙසේ නමුත් ගැටළු නිරාකරණය වීමෙන් පසු ඛාන්ට ඇමෙරිකාවට ඇතුළු වීමට අවසර ලැබුණු බව ද ඇමෙරිකාන රාජ්‍ය දෙපාර්තමේන්තුව වැඩි දුරටත් කියා සිටී. ඇමෙරිකාවට පැමිණි ඔහුගේ පක්ෂය වෙනුවෙන් අරමුදල් රැස් කිරීමටය.



අදහස් (0)

ඉම්රාන් ඛාන් කැනඩා ගුවන්තොටේ හිර වෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 537 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 483 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 421 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site