ඇමෙරිකා එක්සත් ජනපද හමුදාවේ ඉන්දු ශාන්තිකර බලකාය විසින් අලුත්වැඩියා කරනු ලැබූ නැගෙනහිර පළාතේ පාසල් දෙකක් සිසු අයිතියට පත් කිරීම ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති කාර්යාලයේ දේශපාලන අංශ ප්‍රධානී ඇන්තනි රෙන්ෂුලි මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
ඒ අනුව නින්තවුර්හි සහ සුඩෙයික්කුඩායිහි පාසල් දෙකක ගොඩනැගිලි අලුත්වැඩියා කර ඇත. නැගෙනහිර පළාතේ දරුවන්ට අධ්‍යාපනික අවස්ථාව ලබාදීමේ අරමුණින් ඉන්දු--ශාන්තිකර බලකාය එම ගොඩනැගිලි අලුත්වැඩියා කර තිබේ.
සංවර්ධන ව්‍යාපෘතිය යටතේ නින්තවුර්හි අල් මෂාර් උසස් කාන්තා විද්‍යාලයට නව පන්ති කාමර 12ක්, ලීටර 35,000ක වැසි ජලය රැස් කිරීමේ පද්ධතියක් සහ අමතර නාන කාමර 17ක් ඉදි කර ඇත. සිසුන් 1,170ක් පමණ එම විශ්ව විද්‍යාලයේ ඉගෙනුම ලබන බව පැවසේ.
ස්වභාවික ආපදා අවස්ථාවකදී පළාතේ ජනතාවට රැඳී සිටීමට හැකි ස්ථානයක් සුඩෙයික්කුඩා පාසලේ අලුත්වැඩියා කරන ලද පන්ති කාමර ගොඩනැගිල්ලේ ඉහළ මහළේ ඉදිකර ඇති අතර ආබාධිත පුද්ගලයන්ට ද භාවිත කළ හැකි කාමර දහයකින් සමන්විත වැසිකිළි පද්ධතියක් ද මෙම ව්‍යාපෘතිය යටතේ ඉදිකරනු ලැබ තිබේ.
මීට අමතරව ඉන්දු ශාන්තිකර බලකාය සුඩෙයික්කුඩා පාසලට නව පන්ති කාමර පහක් ඉදි කිරීමටත් ලීටර 35,000ක වැසි ජලය රැස් කිරීමේ පද්ධතියක් ඉදි කිරීමටත් අරමුදල් ලබා දී ඇත.
අලුත්වැඩියා කරන ලද පාසල් ගොඩනැගිලි සිසු අයිතියට පත් කිරීමේ අවස්ථාවට නැගෙනහිර පළාත් ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා, කොළඹ ඇමෙරිකා එක්සත් ජනපද තානාපති කාර්යාලයේ මහජන කටයුතු නිලධාරී ඬේවිඞ් මැක්ග්යර් යන මහත්වරු ඇතුළු පිරිසක් එක්ව සිටියහ.
055

COMMENTS